I-20 පෝරමයේ දැක්වෙන ඔබේ වැඩසටහන ආරම්භයේ සිට දින 365ක් ඇතුළත ඔබේ සම්මුඛ පරීක්ෂණ දිනය සැලසුම් කළ හැක. කෙසේ වෙතත්, ඔබගේ වීසා බලපත්‍රය අනුමත කර ඇත්නම්, I-20 පෝරමයේ දැක්වෙන දිනට දින 30කට පෙර ඔබට එක්සත් ජනපදයට ඇතුළු විය නොහැක. එක්සත් ජනපදයට ඔබේ මූලික ප්‍රවේශය විය යුත්තේ ඔබේ වීසා බලපත්‍රයේ සටහන් කර ඇති එම පාසලටම ඇතුළත් වීමයි. ඇතුල්වීමේ ගුවන් තොටුපළ (POE) ආගමන පරීක්ෂකවරයාට වීසා බලපත්‍රයේ නම් කර ඇති පාසල හැර වෙනත් පාසලකින් I-20 පෝරමය සමඟ මූලික ප්‍රවේශයක් අපේක්ෂා කරන ශිෂ්‍යයෙකුට ඇතුළත් වීම ප්‍රතික්ෂේප කළ හැකිය.


එක්සත් ජනපදයට ගමන් කිරීම සඳහා සංචාරක රක්‍ෂණ සහතික අවශ්‍ය නොවන අතර වීසා ගාස්තු ගෙවනු ලබන්නේ අපගේ නිල බැංකු හවුල්කරුට, DFCC බැංකුවට හෝ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කොන්සියුලර් අයකැමිට පමණි. නිල වීසා තොරතුරු සඳහා http://ustraveldocs.com/lk පරීක්ෂා කරන්න.


සියලුම සංක්‍රමණ නොවන වීසා අයදුම්පත් ගාස්තු (MRV ගාස්තුව ලෙසද හැඳින්වේ) 2022 ඔක්තෝම්බර් 1 දින හෝ ඊට පසුව කරන ලද ගෙවීම්, MRV ගාස්තුව ගෙවීම සඳහා රිසිට්පතක් නිකුත් කළ දින සිට දින 365ක් සඳහා වලංගු වේ. අයදුම්කරුවන් මෙම දින 365 කාලය තුළ සම්මුඛ පරීක්ෂණ හමුවීමක් උපලේඛනගත කිරීම හෝ සම්මුඛ පරීක්ෂණ අත්හැරීමේ අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය. අයදුම්කරුවන් ඔවුන්ගේ සම්මුඛ පරීක්ෂණය උපලේඛනගත කළ යුතු හෝ දින 365ක කාලය තුළ ඔවුන්ගේ අත්හැරීමේ අයදුම්පත ඉදිරිපත් කළ යුතු බව කරුණාවෙන් සලකන්න. සම්මුඛ පරීක්ෂණය දින 365ක කාලසීමාව තුළ සිදු විය යුතු බවට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. 2022 ඔක්තෝම්බර් 1 දිනට පෙර නිකුත් කරන ලද MRV ගාස්තු ගෙවීම සඳහා සියලුම රිසිට්පත් 2023 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කරන ලද අතර මෙම දිනය දක්වා වලංගු වේ.


ජූනි 12 ඉරිදා පෙ.ව. 12:01 ට EDT සිට බලපැවැත්වෙන පරිදි, CDC විසින් සියළුම ගුවන් සමාගම් හෝ අනෙකුත් ගුවන් යානා මගීන්ට ඍණාත්මක COVID-19 පරීක්ෂණ ප්‍රතිඵලයක් හෝ COVID-19 වෙතින් ප්‍රකෘතිමත් වීමේ ලියකියවිලි පෙන්වීමට අවශ්‍ය කරන ලද නියෝගය අවලංගු කරන ලදී. විදේශ රටකින් එක්සත් ජනපද පුරවැසියන් නොවන සංක්‍රමණිකයන්ට එක්සත් ජනපදයට ගමන් කිරීම සඳහා එන්නත් කිරීම පිළිබඳ සාක්ෂි අවශ්‍ය වන CDC හි නියෝගය තවමත් ක්‍රියාත්මක වේ. වැඩි විස්තර සඳහා ගුවන් මගීන් සඳහා COVID-19 එන්නත් කිරීම පිළිබඳ සාක්ෂි සඳහා අවශ්‍යතාවය බලන්න.


කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සංක්‍රමණ සහ සංක්‍රමණ නොවන වීසා සැපයීම වැඩි කර තිබේ. තානාපති කාර්යාලය මේ වන විට සියළුම IR කාණ්ඩයේ සංක්‍රමණ වීසා, පවුල් මනාප සංක්‍රමණ වීසා, විවිධත්ව වීසා, මානුෂීය හා වෛද්ය හදිසි වීසා සහ බොහෝ සංක්‍රමණ නොවන වීසා සදහා සීමිත ධාරිතාවක් සහිතව සේවා සපයමින් පවතී. එක්සත් ජනපද තානාපති කාර්යාලය අදාළ වීසා සේවා සැපයීම ප්රායෝගිකව කඩිනමින් කිරීමට අපේක්ෂා කරන අතර, පසුගිය කාලය කාලය තුළ සිදු වු සැලකිය යුතු පසුබෑම හේතුවෙන් එවැනි සේවාවන් සම්පුර්ණ කිරීම සඳහා රැඳී සිටීමේ කාලය වැඩිවීමට ඉඩ ඇත. MRV ගාස්තු, එය ගෙවූ දිනයේ සිට 30 සැප්තැම්බර් 2023 දක්වා වලංගු වන අතර සම්මුඛ පරීක්ෂණ හමුවීමක් වෙන්කරවා ගැනීමට ,භාවිතා කළ හැකිය. ඔබට හදිසි කාරණයක් තිබේ නම් සහ වහාම ගමන්කිරීමට අවශ්යනම්, කරුණාකර https://www.ustraveldocs.com/lk/lk-niv-expeditedappointment.asp හි ලබා දී ඇති මාර්ගෝපදේශය අනුගමනය කර හදිසි හමුවීමක් ඉල්ලා සිටින්න.


ලේකම් බ්ලින්කන්, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර, එකම වර්ගීකරණයක් තුළ සංක්‍රමණ නොවන වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන පුද්ගලයින් සඳහා පුද්ගල සම්මුඛ පරීක්ෂණ අවශ්‍යතාවයෙන් නිදහස් වීමට ඇති හැකියාව තාවකාලිකව පුළුල් කර තිබේ. මීට පෙර, සංක්‍රමණ නොවන වීසා බලපත්‍රය මාස 24 ක් තුළ කල් ඉකුත් වූ අයදුම්කරුවන් පමණක් සම්මුඛ පරීක්ෂණ අත්හැරීම සඳහා සුදුසුකම් ලබා තිබූ අතර, ලේකම් බ්ලින්කන් විසින් කල් ඉකුත් වීමේ කාලය මාස 48 දක්වා තාවකාලිකව දීර්ඝ කර තිබේ. මෙමගින් කොන්සියුලර් අංශයට පෙනී සිටිය යුතු අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව සීමා කරන අතරම කොන්සියුලර් නිලධාරීන්ට ඇතැම් සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර අයදුම්පත් අඛණ්ඩව සැකසීමට ඉඩ සලසයි. එමඟින් අනෙකුත් අයදුම්කරුවන්ට සහ කොන්සියුලර් කාර්ය මණ්ඩලයට COVID-19 සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කරනු ඇත. දැනට පවතින සේවාවන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සඳහා මෙන්ම සම්මුඛ පරීක්ෂණයකින් තොරව වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම පිළිබඳ සුදුසුකම් පිළිබඳ තොරතුරු සහ උපදෙස් සඳහා ළඟම ඇති එක්සත් ජනපද තානාපති කාර්යාලයේ හෝ කොන්සියුලර් කාර්යාලයේ වෙබ් අඩවිය සමාලෝචනය කිරීමට සංචාරකයින් දිරිමත් කරනු ලැබේ.


පවත්නා විදේශ විනිමය අනුපාතය මත පදනම්ව කොන්සියුලර් විනිමය අනුපාතය වරින් වර සංශෝධනය කෙරේ. ඔබගේ වීසා ගාස්තු ගෙවීමට පෙර, කරුණාකර ඔබගේ තැන්පතු පත්‍රිකාවේ ගාස්තු, වීසා ගාස්තු පිටුවේ ලැයිස්තුගත කර ඇති වත්මන් කොන්සියුලර් විනිමය අනුපාතයට ගැලපෙන බව තහවුරු කරන්න.


Mount Rushmore - South Dakota

ශ්‍රී ලංකාව සහ මාල දිවයින සඳහා එක්සත් ජනපද වීසා බලපත්‍ර තොරතුරු සේවාව වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම වෙබ් අඩවිය මත ඔබට එක්සත් ජනපද සංක්‍රමණ සහ සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර සහ එක එකක් අයදුම් කිරීම සඳහා අයදුම් කිරීමට වන අවශ්‍යතා පිළිබඳ සොයා ගත හැකිය. එමෙන්ම අවශ්‍ය කරන වීසා බලපත්‍ර අයදුම් පත් ගාස්තු ගෙවන ආකාරය, සහ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේදී සම්මුඛ පරීක්ෂණ හමුවීමක් වෙන්කරවා ගන්නා ආකාරය හැදෑරීමට හැකිය:-

මෙය ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිල වීසා තොරතුරු වෙබ් අඩවියයි.

සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර තොරතුරු


සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර අයදුම්පත්‍රය


සංක්‍රමණ වීසා බලපත්‍ර තොරතුරු