නිති අසන ප්‍රශ්න
මෙම පිටුව මත:
- නිති අසන ප්‍රශ්න - COVID19 පරීක්ෂණ
- නිති අසන ප්‍රශ්න - සාමාන්‍ය වීසා බලපත්‍ර තොරතුරු
- නිති අසන ප්‍රශ්න - වීසා බලපත්‍ර ප්‍රතික්ෂේප කිරීම්
- නිති අසන ප්‍රශ්න - ව්‍යාපාරික/සංචාරක වීසා බලපත්‍ර
- නිති අසන ප්‍රශ්න - රැකියා වීසා බලපත්‍ර
- නිති අසන ප්‍රශ්න - ශිෂ්‍ය වීසා බලපත්‍ර
- නිති අසන ප්‍රශ්න - හුවමාරු ආගන්තුක වීසා බලපත්‍ර
- නිති අසන ප්‍රශ්න - මාර්ගස්ථ/නැවි කාර්ය මණ්ඩල වීසා බලපත්‍ර
- නිති අසන ප්‍රශ්න - ආගමික සේවක වීසා බලපත්‍ර
- නිතර ඇසෙන ප්‍රශ්න - මගේ ගමන් බලපත්‍රයේ ගමන් මග
- නිතර අසන පැන - වාරික බෙදාහැරීමේ සේවා
- නිතර අසන පැන - වාරික පිකප් සහ ඉදිරිපත් කිරීම් ස්ථාන
- නිති අසන ප්‍රශ්න - වීසා බලපත්‍ර ලේඛන පැකට්ටු හා නවීන සංක්‍රමණික වීසා (MIV)
- නිතර අසන පැන - අයදුම්පත නරඹන්න
නිති අසන ප්‍රශ්න - COVID19 පරීක්ෂණ
ප්‍ර. 1 වීසා බලපත්‍ර අයදුම්කරුවන් සඳහා COVID-19 එන්නත හෝ පරීක්ෂණයක් අවශ්‍ය බව රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේද?
මේ අවස්ථාවේ අපගේ වීසා බලපත්‍ර අයදුම් කිරීම සම්බන්ධයෙන් කිසිඳු වෙනස්වීමක් නොමැත. සංක්‍රමණ වීසා බලපත්‍ර අයදුම්කරුවන් සඳහා අවශ්‍ය එන්නත් පිළිබඳ තොරතුරු මෙම වෙබ් අඩවියෙන් සොයාගත හැකිය.
නිති අසන ප්‍රශ්න - සාමාන්‍ය වීසා බලපත්‍ර තොරතුරු
- එක්සත් ජනපද වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට මගේ විදේශ ගමන් බලපත්‍රයේ වලංගු කාලය කොතරම් දිගු විය යුතුද?
- මා වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන සඳහා සුදුසුකම් ලබන්නේද?
- ESTA සඳහා ගාස්තුව කෙතරම් වේද, සහ එය ගෙවිය යුත්තේ කවුරුන් විසින්ද?
- මා ESTA රහිතව එක්සත් ජනපදයට සංචාරය කරන්නේ නම්, කුමක් සිදුවේද?
- මා ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයිනේ වාසය කරන තුන්වන රටක ජාතිකයෙකු වේ නම්, මට ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණ නොවන වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කළ හැකිද?
- සියලුම සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණයක් සඳහා එක්සත් ජනපද තානාපති කාර්යාලයට හෝ කොන්සියුලර් කාර්යාලයට පැමිණීමට සිදුවේද?
- මා සතුව සංක්‍රමණ නොවන වීසා බලපත්‍රයක් තිබෙන නමුත් ළඟදීම කල් ඉකුත් වීමට නියමිතය, තවද මා එය නැවත අළුත් කර ගැනීමට කැමැත්තෙන් සිටී. මා සමස්ත වීසා අයදුම්පත්‍ර ක්‍රියාවලිය තුළින් නැවතත් යා යුතුද?
- මගේ විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත් වී ඇත, නමුත් ආශ්රිත එක්සත් ජනපද වීසා බලපත්‍රය තවමත් වලංගුය. මා අළුත් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම අවශ්‍යද?
- මා සතුව ද්විත්ව පුරවැසිභාවය තිබේ. මා එක්සත් ජනපදයට සංචාරය කිරීමට භාවිත කළ යුත්තේ කවර විදේශ ගමන් බලපත්රයද?
- මට මගේ වීසා බලපත්‍රය කල් දිගු කර ගත හැක්කේ කෙසේද?
- මා මගේ වීසා බලපත්‍ර අයදුම් පත්‍රය විද්‍යුත් මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතුද?
- “පරිපාලන සැකසුම් කිරීම“ යනු කුමක්ද?
- මා මගේ වීසා බලපත්‍රය කියවන්නේ හා තේරුම් ගන්නේ කෙසේද?
- මා එක්සත් ජනපදය තුළ සිටින අතරතුර මගේ වීසා බලපත්‍රය කල් ඉකුත් වනු ඇත. ඒ සමගින් බැඳුණු ගැටළුවක් පවතීද?
- මා එක්සත් ජනපදයට ඇතුල් වීමේදී කුමක් සිදුවනු ඇත්ද?
- මා එක්සත් ජනපදය හැර යන අවස්ථාවේ දී මගේ I-94 ඉදිරිපත් නොකෙරුණි. මා කුමක් කළ යුතුද?
- මගේ DS-160 ඉදිරිපත් කිරීමේ සහ තහවුරුකරණ පිටුව මුද්‍රණය කිරීමේ ප්‍රශ්න තිබේ. වැඩිමනත් තොරතුරු සඳහා මට යා හැක්කේ කොතැනටද?
- මම මගේ නම වෙනස් කළා. මගේ පැරණි නම සහිත මගේ එක්සත් ජනපද වීසා බලපත්‍රය තවමත් වලංගුද?
- DS160 පෝරමය පුරවන අතරතුර, සමාජ මාධ්‍ය පිළිබඳ මම ලබා දිය යුතු තොරතුරු මොනවාද?
ප්‍ර. 1 එක්සත් ජනපද වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට මගේ විදේශ ගමන් බලපත්‍රයේ වලංගු කාලය කොතරම් දිගු විය යුතුද?
එක්සත් ජනපදයට සංචාරය කිරීමට නම් ඔබ එක්සත් ජනපදය තුළ රැඳී සිටීමට අදහස් කරන කාලපරිච්ඡේදයට ඔබ්බෙන් වන යටත් පිරිසෙයින් හය මසක කාලයක්වත් පුරා විහිදෙන වලංගු කාලයක් ඇති විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගත යුතුවේ (දේශානුගතව විශේෂිත ගිවිසුම් මගින් නිදහස් කිරීම් සපයන්නේ නම් මිස).
ප්‍ර. 2 මා වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන සඳහා සුදුසුකම් ලබන්නේද?
ඔබ වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහනේ රටක පුරවැසියෙකු වන්නේ නම්, යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍රයක සන්තකය දරන්නේ නම්, තාවකාලික ව්‍යාපාරික කටයුත්තක් සඳහා සංචාරය කරන්නේ නම් හෝ දින 90 කට වඩා අඩු කාලයක් සඳහා පිවිසෙන්නේ නම්, අනෙකුත් සුදුසුකම් සපුරාලන්නේ නම්, සහ සංචාර අවසර ප්‍රදාන විද්‍යුත් පද්ධතිය (ESTA) මාර්ගයෙන් අවසරය ලබා ගෙන ඇත්නම් ඔබ වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන සඳහා සුදුසුකම් ලබන්නෙහිය.
මෙම වැඩ සටහන භාවිත කිරීම පිණිස ඔබ වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන යටතේ සුදුසුකම් ලබන රටක පුරවැසියෙකු විය යුතුය. වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් කිදහස් කිරීමේ වැඩ සටහනේ සුදුසුකම් ලබන රටවල ස්ථිර නේවාසිකයන් වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් කිදහස් කිරීමේ වැඩ සටහනේ සුදුසුකම් ලබන රටවල පුරවැසියන් ද වන්නේ නම් මිස වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් කිදහස් කිරීමේ වැඩ සටහන සඳහා සුදුසුකම් නොලබයි. ඔබ වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් කිදහස් කිරීමේ වැඩ සටහන සඳහා සුදුසුකම් ලබන්නේද යන්න තීරණය කිරීමට කිසියම් සංචාරක නියැලීමට පෙරාතුවෙන් වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් කිදහස් කිරීමේ වැඩ සටහනේ වෙබ් අඩවිය කරා පිවිසෙන ලෙස අපි නිර්දේශ කරමු.
ප්‍ර. 3 ESTA සඳහා ගාස්තුව කෙතරම් වේද, සහ එය ගෙවිය යුත්තේ කවුරුන් විසින්ද?
වීසා අත්හැරීමේ වැඩසටහන යටතේ එක්සත් ජනපදයට යන සියලුම සංචාරකයින් සඳහා ESTA ලියාපදිංචිය අවශ්‍ය වේ. ESTA ලියාපදිංචිය සඳහා ගාස්තුවක් ඇත. ගාස්තුව ඩෙබිට් කාඩ්පතක් හෝ පහත සඳහන් ඕනෑම ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතයෙන් මාර්ගගතව ගෙවිය හැකිය: වීසා, මාස්ටර් කාඩ්, ඇමරිකන් එක්ස්ප්‍රස්, හෝ ඩිස්කවර්. ඔබ සතුව නිවැරදි ක්‍රෙඩිට් කාඩ්පතක් නොමැති නම් තෙවන පාර්ශවයන්ට (සංචාරක නියෝජිතයින්, පවුලේ සාමාජිකයන්, ආදිය) ඔබ වෙනුවෙන් ඔබේ ESTA ගාස්තුව ගෙවිය හැක. ESTA ලියාපදිංචිය ප්‍රතික්ෂේප කරන්නේ නම්, ගාස්තුව මෙතැනින් සොයාගත හැකිය.
ප්‍ර. 4 මා ESTA රහිතව එක්සත් ජනපදයට සංචාරය කරන්නේ නම්, කුමක් සිදුවේද?
ESTA මාර්ගයෙන් අනුමැකිය ලබා නොගත් වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහනේ සංචාරකයන් එක්සත් ජනපදය කරා වන කවර හෝ ගුවන් යානයකට ගොඩවීම ප්‍රතික්ෂේප කරනු ලැබීම අපේක්ෂා කළ යුතුය. ඔබට ගොඩවීමට ඉඩ දෙනු ලැබුයේ වුවද, එක්සත් ජනපද පිවිසුම් තොටුපළේදී (එනම්, ප්රාප්ති ගුවන් තොටුපළ) සැලකිය යුතු ප්‍රමාදයන් සහ භව්‍ය ඇතුල් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම් වලට මුහුණ පෑම අපේක්ෂා කළ හැකිය. ESTA ලියාපදිංචිය සාමාන්‍යයෙන් සම්පූර්ණ කිරීම සඳහා මිනිත්තු කිහිපයක් පමණක් ගන්නා අතර අවසරය තත්පර කිහිපයකදී ළඟා වේ, තවද එය වසර දෙකක් පුරා වලංගුව පවතී, ඒ සංචාරකයාගේ විදේශ ගමන් බලපත්‍රය වසර දෙක ඇතුලත කල් ඉකුත් වීම නොවන්නේ නම් පමණි. ඒ කාරණාවලදී, ESTA වලංගුතාව විදේශ ගමන් බලපත්‍රයේ වලංගුතාව අනුව සීමාසහිත වේ.
ප්‍ර. 5 මා ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයිනේ වාසය කරන තුන්වන රටක ජාතිකයෙකු වේ නම්, මට ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණ නොවන වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කළ හැකිද?
තමන්ගේ ජාතිකත්වය හිමි රටේ හෝ නේවාසික රටේ සිට අයදුම් කිරීමට පොදුවේ උපදෙස් දෙනු ලැබේ. නීතිමය වශයෙන් ශ්‍රී ලාංකාවේ පැවැත්මක් ඇති කවර හෝ පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ දී වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කළ හැකිය. කෙසේවෙතත්, තමා පදිංචි දිස්ත්‍රික්කයේ දී හමුවීමක් ලබා ගැනීමේ දී හුදෙක්ම පහසුවක හෝ පුමාදය ඇතිවීමක සේයාවකට වඩා යමක් සලකමින් අයදුම් කරන ස්ථානය තීරණය කිරීමට අයදුම්කරුවන් කල්පනාකාරී විය යුතුය. සැලකිය යුතු එක් දෙයක් වන්නේ, උදාහරණ වශයෙන්, වඩාත්ම ශක්තිමත් බැඳීම් ප්‍රදර්ශනය කිරීමට හැක්කේ අයදුම්කරු කවර කොන්සියුලර් දිස්ත්‍රික්කය තෝරාගත හොත්ද යන බවයි.
වීසා බලපත්‍රයක් නිකුත් කරනු ඇතැයි කිසිදු ඇපවීමක් නොවන අතරම සැකසුම් කාලය සම්බන්ධයෙන් ද ඇපවීමක් නොවනු ඇත. ප්‍රතික්ෂේප කරනු ලැබී නම්, අයදුම්පත්‍ර ගාස්තුව ආපසු ගෙවීමට යටත් නොවේ.
ප්‍ර. 6 සියලුම සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණයක් සඳහා එක්සත් ජනපද තානාපති කාර්යාලයට හෝ කොන්සියුලර් කාර්යාලයට පැමිණීමට සිදුවේද?
ඔව්,සම්මුඛ පරීක්ෂණ අවශ්‍යතාවයට බොහෝ අයදුම්කරුවන් සඳහා ඇත්තේ ව්‍යතිරේක කිහිපයක් පමණි. වීසා පන්ති සම්බන්ධයෙන් විස්තර සඳහා කරුණාකර සම්මුඛ පරීක්ෂණ පිටුවෙහි සදහන් කර ඇති “මගේ වීසා බලපත්‍රය අලුත් කරන්න” සහ “ළමයින් සඳහා වීසා” යනුවෙන් සදහන් කර ලින්ක් වෙත පිවිසෙන්න.පහත දැක්වෙන අයදුම්කරුවන් සාමාන්‍යයෙන් පෞද්ගලිකව පෙනී සිටිය යුතු නැත:
-
A -1, A-2 (මධ්‍යම රජයේ ව්‍යාපාර සඳහා සිටින නිල සංචාරකයින්), C -2, C -3 (මධ්‍යම රජයේ ව්‍යාපාර සඳහා සිටින මධ්‍යම රජයේ නිලධාරීන්) G සඳහා අයදුම්කරුවන් G -1 , G-2, G -3, G-4 (ජාත්‍යන්තර සංවිධානයක් සම්බන්ධව ගමන් කරන මධ්‍යම රජයේ නිලධාරීන් හෝ ජාත්‍යන්තර සංවිධානයක සේවකයින්)
ප්‍ර. 7 මා සතුව සංක්‍රමණ නොවන වීසා බලපත්‍රයක් තිබෙන නමුත් ළඟදීම කල් ඉකුත් වීමට නියමිතය, තවද මා එය නැවත අළුත් කර ගැනීමට කැමැත්තෙන් සිටී. මා සමස්ත වීසා අයදුම්පත්‍ර ක්‍රියාවලිය තුළින් නැවතත් යා යුතුද?
එක් එක් සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර අයදුම් පත්‍රයක් වෙනම ක්‍රියාවලියක් වේ. ඔබ සතුව කළින් වීසා බලපත්‍රයක් තිබුණේ වුවද, සහ ඔබගේ වර්තමාන සංක්‍රමණ නොවන වීසා බලපත්‍රය තවමත් වලංගුව පවතින්නේ වුවද, ඔබ සාමාන්‍ය අයුරින් අයදුම් කළ යුතුය.
ප්‍ර. 8 මගේ විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත් වී ඇත, නමුත් ආශ්රිත එක්සත් ජනපද වීසා බලපත්‍රය තවමත් වලංගුය. මා අළුත් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම අවශ්‍යද?
නැත. ඔබගේ වීසා බලපත්‍රය තවමත් වලංගුව පවතින්නේ නම්, වීසා බලපත්‍රය වලංගුව පවතින තාක් කල්, එයට හානිවී නොමැති නම්, ඔබගේ විදේශ ගමන් බලපත්‍ර දෙක (පැරණි සහ අළුත්) භාවිත කරමින් එක්සත් ජනපදයට සංචාරය කළ හැකිය. තවද එය කළ හැකි වන්නේ ඔබගේ මූලික සංචාර අරමුණ වෙනුවෙන් අවශ්‍ය කරන යෝග්‍ය වීසා වර්ගය ඇත්නම්ය (උදාහරණ: සංචාරක වීසා බලපත්‍ර, ඔබගේ මූලික සංචාර අරමුණ හුදෙක්ම සංචාරය වන්නේ නම්). එමෙන්ම විදේශ ගමන් බලපත්‍ර දෙක මතම වන නම සහ අනෙකුත් පෞද්ගලික දත්ත එකම ආකාරයේ විය යුතුය. අළුත් විදේශ ගමන් බලපත්‍රය අනුව ඔබගේ ජාතිකත්වය වීසා බලපත්‍රය දරන විදේශ ගමන් බලපත්‍රය මත පෙන්වන අයුරු සමාන විය යුතුය.
ප්‍ර. 9 මා සතුව ද්විත්ව පුරවැසිභාවය තිබේ. මා එක්සත් ජනපදයට සංචාරය කිරීමට භාවිත කළ යුත්තේ කවර විදේශ ගමන් බලපත්රයද?
ඔබගේ ජාතිකත්ව අතුරින් එකක් ඇමරිකානු නොවන්නේ නම්, ඔබට ඔබ මනාප ජාතිකත්වය භාවිත කරමින් අයදුම් කළ හැකි වන නමුත්, ඔබගේ අයදුම් පත්‍රය මත ඔබගේ සියලුම ජාතිකත්වයන් පිළිබඳ විස්තර එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සියුලර් කාර්යාලය වෙත අනාවරණය කළ යුතුය. එක්සත් ජනපද පුරවැසියන්, ද්විත්ව පුරවැසිභාවය/ජාතිකත්වය දරන්නන් විසින් එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් එක්සත් ජනපදයට ඇතුල් වීම සහ ඉන් පිටවීම කළ යුතුය.
ප්‍ර. 10 මට මගේ වීසා බලපත්‍රය කල් දිගු කර ගත හැක්කේ කෙසේද?
වර්ග පිළිබද සැලකීමෙන් තොරවම වීසා බලපත්‍රයක වලංගුතාව දීර්ඝ කර ගත නොහැකිය. ඔබ විසින් අළුත් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කළ යුතුය.
ප්‍ර. 11 මා මගේ වීසා බලපත්‍ර අයදුම් පත්‍රය විද්‍යුත් මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතුද?
ඔව්, ඔබ DS-160 සම්පූර්ණ කළ යුතු අතර එක්සත් ජනපද තානාපති කාර්යාලයේදී හෝ කොන්සියුලර් කාර්යාලයේදී පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට යන අවස්ථාවේ DS-160 තහවුරුකරණ පිටුවේ මුද්‍රිත පිටපතක් රැගෙන ආ යුතුය.
ප්‍ර. 12 “පරිපාලන සැකසුම් කිරීම“ යනු කුමක්ද?
ඇතැම් ප්‍රතික්ෂේප කළ වීසා බලපත්‍ර අයදුම්පත් සඳහා තවදුරටත් පරිපාලන සැකසුම් අවශ්‍ය විය හැකිය. පරිපාලන සැකසුම් අවශ්‍ය වූ විට, කොන්සියුලර් නිලධාරියා සම්මුඛ පරීක්ෂණය අවසානයේදී අයදුම්කරුට දැනුම් දෙනු ඇත. පරිපාලන සැකසුම් කාලය එක් එක් සිද්ධියේ තත්වයන් මත පදනම්ව වෙනස් වේ. පරිපාලන සැකසුම් වල තත්ත්වය පිළිබඳව විමසීමට පෙර හදිසි සංචාරක අවස්ථා වලදී (එනම් ඔබගේ ආසන්නතම පවුලේ බරපතල රෝගාබාධ, තුවාල හෝ මරණ) හැර, අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයේ සිට හෝ අතිරේක ලියකියවිලි ඉදිරිපත් කළ දින සිට අවම වශයෙන් දින 180 ක් බලා සිටිය යුතුය.
මෙම වෙබ් පිටුව තුළ පරිපාලන සැකසුම් කිරීම පිළිබඳ වැඩි දුර තොරතුරු අඩංගු වේ.
ප්‍ර. 13 මා මගේ වීසා බලපත්‍රය කියවන්නේ හා තේරුම් ගන්නේ කෙසේද?
ඔබට ඔබගේ වීසා බලපත්‍රය ලැබෙන වහාම, වීසා බලපත්‍රය මත මුද්‍රිත ඔබගේ සියලුම පෞද්ගලික තොරතුරු නිවැරදි බවට නිසැක වීම සඳහා පරීක්ෂා කරන්න. ඔබගේ වීසා බලපත්‍රය මත වන කවර හෝ තොරතුරක් ඔබගේ විදේශ ගමන් බලපත්‍රය මත වන තොරතුරු සමගින් නොගැලපේ නම්, හෝ අන් ආකාරයකින් නිවැරදි නොවේ නම්, කරුණාකර හැකි ඉක්මනින් නිකුතු අධිකාරිය හා සම්බන්ධ වන්න.
ඔබගේ වීසා බලපත්රයෙහි කල් ඉකුත්වන දිනය ඔබට එක්සත් ජනපදයට ඇතුල් වීමට එය භාවිත කළ හැකි අවසාන දිනය වේ. එය ඔබට එක්සත් ජනපදය තුළ කොපමණ දිගු කාලයක් රැඳී සිටිය හැකි දැයි නොදක්වයි. ඔබගේ රැඳී සිටීම දේශීය ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔබ පිවිසෙන තොටුපළේ දී තීරණය කරනු ඇත. ඔබගේ රැඳී සිටීමේ තත්ත්වය පිළිබඳව ඔබ දේශීය ආරක්ෂණ දෙපාර්තමේන්තු තීරණය හා අනුකූලතාව දක්වන තාක් දුරට, ඔබට කිසිදු ප්‍රශ්නයක් නොවිය යුත්තේය.
ඔබගේ වීසා බලපත්‍රය අර්ථ නිරූපණය කිරීම පිළිබඳ තවදුරටත් තොරතුරු රාජ්‍ය කොන්සියුලර් කටයුතු වෙබ් අඩවිය මත සොයා ගත හැකිය..
ප්‍ර. 14 මා එක්සත් ජනපදය තුළ සිටින අතරතුර මගේ වීසා බලපත්‍රය කල් ඉකුත් වනු ඇත. ඒ සමගින් බැඳුණු ගැටළුවක් පවතීද?
නැත. ඔබ එක්සත් ජනපදයට ප්‍රාප්ත වන අවස්ථාවේ දේශීය ආරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අවසර දෙන්නට යෙදුණු කාල පරිච්ඡේදය සහ කොන්දේසි වලට අනුව ඔබට එක්සත් ජනපදය තුළ රැඳී සිටිය හැකිය, මේ බවට ඔබේ විදේශ ගමන් බලපත්‍රය මත මුද්‍රා තබා ඇත, ඔබගේ රැඳී සිටීම අතරතුර වීසා බලපත්‍රය කල් ඉකුත් වීම සිදුවන්නේ වුවද රැඳී සිටිය හැකිය. ඔබට මෙහි දී වැඩිමනත් තොරතුරු සොයා ගත හැකිය.
ප්‍ර. 15 මා එක්සත් ජනපදයට ඇතුල් වීමේදී කුමක් සිදුවනු ඇත්ද?
ඔබගේ ගුවන් සේවය මගින් ඔබට හිස් 6059B රේගු ප්‍රකාශ ආකෘතියක් දිය යුතුය. එක්ව සංචාරය කරන පවුලක් සඳහා එක් රේගු ප්‍රකාශයක් පමණක් සෑහේ.
වීසා බලපත්‍රයක් එක්සත් ජනපදයට ඇතුල් වීමට අවසරය සම්බන්ධ ඇපවීමක් නොවේ. නමුත් විදේශයකින් පැමිණෙන පුරවැසියෙකුට එක්සත් ජනපදයේ පිවිසුම් තොටුපළක් වෙත සංචාරය කිරීමට සහ එක්සත් ජනපදය වෙත ඇතුල් වීමට අවසර ඉල්ලා සිටීමට ඉඩ දෙයි. දේශීය ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ, එක්සත් ජනපද රේගු සහ දේශ සීමා ආරක්ෂණයේ නිලධාරීන් යමෙකුට එක්සත් ජනපදයට ඇතුල් වීමට අවසර දීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ සහ සංචාරකයෙකුට කොපමණ දිගු කාලයක් රැඳී සිටීමට හැකි දැයි තීරණය කිරීමේ අධිකාරිය දරයි. පිවිසුම් තොටුපළේ දී, එක්සත් ජනපදයට ඇතුල්වීමට අවසර ප්රදානය කිරීම මත, රේගු සහ දේශසීමා ආරක්ෂණ නිලධාරියා විසින් රැඳී සිටීමේ අවසර කාලයේ දීර්ඝතාව තීරණය කරනු ඇත. පෙරදී සංචාරකයන් මෙම තොරතුරු සමගින් I-94 (ඇතුල් කර ගැනීමේ වාර්තාව) පත්‍රය ලැබුවේය. මේ ක්‍රියාවලිය දැන් ව්‍යතිරේක කිහිපයකට යටත්ව යාන්ත්‍රීකරණය කර ඇත. ඇතුල් කර ගැනීමේ දිනය, ඇතුල් කර ගැනීමේ පන්තිය, සහ ඇතුල් කර ගත් “තෙක්“ දිනය පෙන්වන රේගු සහ දේශසීමා ආරක්ෂණ ඇතුල් කර ගැනීමේ මුද්‍රාවක් ඔබගේ සංචාර ලියවිල්ල මත තබා සපයනු ලබනු ඇත. රේගු සහ දේශසීමා ආරක්ෂණ වෙබ් අඩවිය මත දී වැඩිදුර හදාරන්න. සංචාරකයෙකුට විදේශික ලියාපදිංචිය, සංක්‍රමණ තත්ත්වය, හෝ සේවානියුක්ති අවසරය සත්‍යාපනය කිරීමට, තමන්ගේ I-94 ආකෘතියේ පිටපතක් අවශ්‍ය කරන්නේ නම්, එය https://cbp.gov/travel/international-visitors/i-94 වෙතින් ලබා ගත හැකිය. රේගු සහ දේශසීමා ආරක්ෂණ වෙබ් අඩවිය මත දී ඇතුල් කර ගැනීම පිළිබඳ තොරතුරු සමාලෝචනය කිරීමට ඔබට හැකිය.
ප්‍ර. 16 මා එක්සත් ජනපදය හැර යන අවස්ථාවේ දී මගේ I-94 ඉදිරිපත් නොකෙරුණි. මා කුමක් කළ යුතුද?
කළින්, I-94 (පැමිණීමේ/පිටවීමේ වාර්තාව) ලැබීමෙන් පසු රේගු සහ දේශසීමා ආරක්ෂණ නිලධාරීන් විසින් විදේශ සංචාරකයන්ට ඇතුල් වීමේ අවසරය ප්රදානය කරන ලදී. මෙම ක්‍රියාවලිය ව්‍යතිරේක කිහිපයකට යටත්ව දැන් යාන්ත්‍රීකරණය කර ඇත. ඔබට මුද්‍රිත I-94 හෝ I-94W ආකෘතියක් ලැබුණේ නම් සහ ඔබ එක්සත් ජනපදයෙන් පිට වන අවස්ථාවේදී වාණිජ ගුවන් සේවය හෝ රේගු සහ දේශසීමා ආරක්ෂණය වෙත ඔබගේ මුද්‍රිත I-94 පැමිණීමේ/පිටවීමේ වාර්තාව ඉදිරිපත් කිරීමට අපොහොසත් වූයේ නම්, උපදෙස් සඳහා රේගු සහ දේශසීමා ආරක්ෂණ වෙබ් අඩවිය බලන්න. ඔබගේ මුද්‍රිත I-94 හෝ I-94W ආකෘතිය එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සියුලර් ජනරාල් වෙත යවන්න එපා.
ඇතුල් වීමේ අවසරය ප්රදානයේදී ඔබට මුද්‍රිත I-94 ආකෘතිය වෙනුවට විදේශ ගමන් බලපත්‍රය මත ඇතුල් කර ගැනීමේ මුද්‍රාවක් ලැබිණි නම්, I-94 වාර්තාව යාන්ත්‍රිකව නිර්මාණය කෙරී ඇති අතර ඔබට එහි මුද්‍රිත පිටපතක් නොසැපයෙනු ඇත. රේගු සහ දේශසීමා ආරක්ෂණය විසින් ඔබගේ එක්සත් ජනපදයෙන් පිටවීම විද්‍යුත් ක්‍රමයකින් වාර්තා කරනු ඇත. රේගු සහ දේශසීමා වෙබ් අඩවිය මත දී වැඩිදුර හදාරන්න.
ප්‍ර. 17 මගේ DS-160 ඉදිරිපත් කිරීමේ සහ තහවුරුකරණ පිටුව මුද්‍රණය කිරීමේ ප්‍රශ්න තිබේ. වැඩිමනත් තොරතුරු සඳහා මට යා හැක්කේ කොතැනටද?
අපගේ ඇමතුම් මධ්‍යස්ථානයට අයදුම් පත්‍ර ආකෘතිය සම්බන්ධව වන සහාය සැපයීමට නොහැකි වේ. DS-160 ආකෘතිය සම්පූර්ණ කිරීම පිළිබඳ කවර හෝ විමසුමක් පහත සඳහන් වෙබ් අඩවිය මත දී ආමන්ත්‍රණය කළ හැකි වේ.
ප්‍ර. 18 මම මගේ නම වෙනස් කළා. මගේ පැරණි නම සහිත මගේ එක්සත් ජනපද වීසා බලපත්‍රය තවමත් වලංගුද?
ඔබේ නම විවාහය, දික්කසාදය හෝ උසාවි නියෝගයකින් වෙනස් කළ විට, ඔබ නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත යුතුය. නව විදේශ ගමන් බලපත්‍රයක් ලැබීමෙන් පසුව, ඔබට එක්සත් ජනපදයට ඇතුල්වීමට හා පිටතට යාමට පහසු වන පරිදි නව එක්සත් ජනපද වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ කරයි.
ප්‍ර. 19 DS160 පෝරමය පුරවන අතරතුර, සමාජ මාධ්‍ය පිළිබඳ මම ලබා දිය යුතු තොරතුරු මොනවාද?
2019 මැයි 31 වන දින, රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින්, ලොව පුරා බොහෝ එක්සත් ජනපද වීසා බලපත්‍ර අයදුම්කරුවන්ගෙන්, සමාජ මාධ්‍ය හඳුනාගැනීම් ඇතුළු අමතර තොරතුරු ඉල්ලා සිටීම සඳහා සංක්‍රමණ සහ සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර අයදුම්පත් යාවත්කාලීන කරන ලදී. වැඩි විස්තර සඳහා කරුණාකර මෙහි ක්ලික් කරන්න.
නිති අසන ප්‍රශ්න - වීසා බලපත්‍ර ප්‍රතික්ෂේප කිරීම්
එක්සත් ජනපදය විවෘත සමාජයක් වේ. අනෙකුත් බොහෝ රටවල මෙන් නොව, එක්සත් ජනපදය බොහෝ ආගන්තුකයන් මත දේශීය අධිකාරීන් සමග ලියාපදිංචි වීම වැනි අභ්‍යන්තර පාලනයන් පනවනු නොලබයි. අපගේ සංක්‍රමණ නීතිය අනුව කොන්සියුලර් නිලධාරීන් විසින් සෑම වීසා බලපත්‍ර අයදුම්කරුවෙකු දෙසම ඔවුන් අන් ආකාරකින් ඔප්පු වන තැනට කටයුතු යෙදුනොත් මිස, අපේක්ෂිත සංක්‍රමණිකයෙකු ලෙස බැලීම අවශ්‍ය කෙරේ. එක්සත් ජනපදය තුළ බාධා රහිතව සංචාරය කිරීමේ වරප්‍රසාදය විඳීම පිණිස ආගන්තුක හෝ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට පෙරාතුව ඔබ යළි සියරට පැමිණීමට අදහස් කරන බවට ඔප්පු කර සිටීමේ වගකීමක් ඔබ හමුවේ ඇත.
ප්‍ර. 1 214(b) වගන්තිය යනු කුමක්ද?
214(b) වගන්තිය සංක්‍රමණ සහ ජාතිකත්ව පනතේ (INA) කොටසක් වේ. එය මෙසේ ප්‍රකාශ කරයි:
(b) සෑම විදේශිකයෙකුම (101(a)(15) වගන්තියේ (L) හෝ (V) උප පරිච්ඡේදවල විස්තර කෙරෙන සංක්‍රමණික නොවන අයෙකු හැර, සහ (b1) උප වගන්තියේ දී හැර 101(a)(15)(H)(i) වගන්තියේ කවර ප්රතිපාදනයක හෝ විස්තර කෙරෙන සංක්‍රමණික නොවන අයෙකු හැර) 101(a)(15) වගන්තිය යටතේ තමන් සංක්‍රමණ නොවන වීසා බලපත්‍රයක් සඳහා අයිතියක් ඇත්තෙකු බවට, වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන වේලාවේදී, ඔහු විසින් කොන්සියුලර් නිලධාරියා සෑහීමකට පත් කරන තුරු, සහ ඇතුල් වීම සඳහා අයදුම් කරන වේලාවේදී, සංක්‍රමණ නිලධාරීන් සෑහීමකට පත් කරන තුරු, සංක්‍රමණිකයෙකු ලෙස අනුමාන කළ යුත්තේය. අපගේ කොන්සියුලර් නිලධාරීන්ට කිරීමට ඇත්තේ අසීරු කාර්යයකි. යම් අයෙකු තාවකාලික වීසා බලපත්‍රයක් ලැබීමට සුදුසුකම් ලබන්නෙකු දැයි ඉතා කෙටි කාලයක් ඇතුලත තීරණය කිරීමට ඔවුනට සිදු වේ. බොහෝ කාරණවලදී කෙටි සම්මුඛ පරීක්ෂණයකින් සහ අයදුම්කරුවෙකු ඉදිරිපත් කරන සාක්ෂි අතරින් කවරක් ගැලපෙන්නේ දැයි සමාලෝචනයකින් පසු තීරණය කිරීම සිදුවේ. ආගන්තුක හෝ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබීමට, අයදුම්කරුවෙකු සංක්‍රමණ හා ජාතිකත්ව පනතේ 01(a)(15)(B) හෝ (F) වගන්ති පරිදි පිළිවෙලින් අවශ්‍යතා සපුරාලිය යුතු වේ. එසේ කිරීමට අපොහොසත් වීම නිසා පනතේ 214(b) වගන්තිය යටතේ වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප කිරීමෙන් අවසන් වනු ඇත. එවැනි ප්‍රතික්ෂේප කිරීමක් සඳහා වඩාත් නිරන්තර පදනම අනාගත ආගන්තුක හෝ ශිෂ්‍ය සංචාරකයෙකු විදේශයක නේවාසික භාවයක් සන්තකව සිටින අතර ඔහු හෝ ඇය එය අත්හැර දැමීමට අදහස් නොකරන බව පිළිබඳ අවශ්‍යතාව සලකා බලයි. ඔවුන් සතුව විදේශයක එවැනි නේවාසිකභාවයක් පැවතීම පැහැදිලි කිරීමෙන් ශක්තිමත් බැඳීම් ඇති බව ඔප්පු කරන අතර අයදුම්කරුවන් තාවකාලික රැඳී සිටීම අවසානයේ එක්සත් ජනපදය හැර යන බවට අඟවා සිටී. නීතිය මගින් මෙම ඔප්පු කිරීමේ භාරය අයදුම්කරු වෙත පවරා ඇත.
ප්‍ර. 2 අයදුම්කරුවෙකුට “ශක්තිමත් බැඳීම්“ ඔප්පු කළ හැක්කේ කෙසේද?
බැඳීම් යනු ඔබගේ ජීවිතයේ විවිධ පැතිකඩ වන අතර ඔබ සහ ඔබේ මව් රට අතර සම්බන්ධය ඉන් ගොඩ නගයි. ශක්තිමත් බැඳීම් රටින් රටට, නගරයෙන් නගරයට, සහ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නමුත් උදාහරණ වශයෙන් ඇතුලත් කළ හැකි වන්නේ:
- ඔබගේ රැකියාව;
- ඔබගේ නිවස; සහ/හෝ
- පවුල සහ මිතුරන් සමග ඔබගේ සම්බන්ධතා.
වීසා බලපත්‍ර සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වන අතරතුර, කොන්සියුලර් නිලධාරීන් එක් එක් අයදුම්පත්‍රයක් තනි තනිව ගෙන බලන අතර අයදුම්කරුගේ අවස්ථාවන්, සංචාර සැලසුම්, මූල්‍ය සම්පත්, සහ තාවකාලික රැඳී සිටීමෙන් පසුව එක්සත් ජනපදයෙන් පිටවීම තහවුරු කරන බැඳීම් සලකා බලයි.
ප්‍ර. 3 214(b) වගන්තිය යටතේ වන ප්‍රතික්ෂේප කිරීමක් ස්ථිර වන්නේද?
නැත. 214(b) වගන්තිය යටතේ ප්‍රතික්ෂේප කිරීමක් හෝ නුසුදුසුකම එම අයදුම්පත්‍රයට විශේෂිත වන බැවින් කාරණය වරක් වසා දැමුණු පසුව කොන්සියුලර් අංශයට ඒ ගැන තවදුරටත් පියවර ගත නොහැකි වේ. අභියාචනා ක්‍රියාවලියක් නැත්තේමය. වීසා බලපත්‍ර තීරණයට සම්බන්ධිත සලකා බැලිය යුතුව පවතින අතිරේක තොරතුරු තිබේ යයි ඔබ හඟින්නේ නම්, හෝ ඔබගේ අවසාන අයදුම් පත්‍රයට පසුව ඔබගේ සිද්ධි පරිසරයේ සැලකිය යුතු වෙනස්කම් ඇති වී තිබේ නම්, ඔබට වීසා බලපත්‍රයක් වෙනුවෙන් නැවත අයදුම් කිරීමට හැකිය. නැවත අයදුම් කිරීමට, ඔබ විසින්, අළුත් අයදුම්පත්‍ර ආකෘතියක් සම්පූර්ණ කිරීම, අයදුම්පත්‍ර ගාස්තුව ගෙවීම, සහ අළුත් සම්මුඛ පරීක්ෂණයක් සඳහා හමුවීමක් උපලේඛනගත කිරීම, කළ යුතුය. කවර හෝ පවතින නැවත අයදුම් කිරීමේ පරිපාටි හැදෑරීමට ඔබ නැවත අයදුම් කිරීමට සැලසුම් කරන ස්ථානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ හෝ කොන්සියුලර් කාර්යාලයේ වෙබ් අඩවිය සමාලෝචනය කරන්න.
ප්‍ර. 4 තීරණයක් ආපසු හැරවීමට කොන්සියුලර් නිලධාරියෙකුට බලපෑම් කළ හැක්කේ කාටද?
සංක්‍රමණ නීතිය මගින් වීසා බලපත්‍ර නිකුත් කිරීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ වගකීම එතෙර කොන්සියුලර් නිලධාරීන් වෙත පවරයි. සියලුම වීසා බලපත්‍ර කාරණ සම්බන්ධයෙන් අවසානාත්මක ප්‍රකාශය ඔවුන් සතුය. ව්‍යවස්ථාපිතව, කොන්සියුලර් තීරණ සමාලෝචනය කිරීමේ අධිකාරිය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සතුය, නමුත් මෙම අධිකාරිය සාධක පිළිබඳව තීරණයක් කිරීමේ වගකීමක් නොවන අතර නීතිය අර්ථ නිරූපණය කිරීමේ වගකීමට සීමා වේ. අයදුම්කරුවෙකු සතුව අවශ්‍ය කරන විදේශ නේවාසිකභාවය තිබියදී එවැනි ප්‍රතික්ෂේපයක් නිකුත් කිරීමේ ප්රශ්නය සාධකමය කරුණකි. එමනිසා, එය අනන්‍ය සාධාරණ ලෙසින් නිරාකරණයක් පිණිස අපගේ විදේශ සේවයේ ස්ථානයන්හි සේවයේ නියුතු කොන්සියුලර් නිලධාරීන්ගේ අධිකාරිය යටතට වැටේ. අයදුම්කරුවෙකුට පූර්ව වීසා බලපත්‍ර ප්‍රතික්ෂේපයක් වෙනස් කිරීමට ස්ථානයක් බලපෑමට ලක් කළ හැකි අතර එසේ කළ හැක්කේ ශක්තිමත් බැඳීම් පිළිබඳ ඒත්තු යන අළුත් සාක්ෂි ඉදිරිපත් කිරීම මාර්ගයෙන් පමණි.
214(b) හැර අන් වීසා බලපත්‍ර නුසුදුසුතා පිළිබඳ වැඩිමනත් තොරතුරු සඳහා, කරුණාකර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කොන්සියුලර් කටයුතු වෙබ් අඩවිය කරා පිවිසෙන්න.
නිති අසන ප්‍රශ්න - ව්‍යාපාරික/සංචාරක වීසා බලපත්‍ර
- සංචාරක හෝ ව්‍යාපාරික වීසා බලපත්‍රයක් මත මට එක්සත් ජනපදයේ කොපමණ දිගු කාලයක් රැඳී සිටිය හැකිද?
- මගේ ආගන්තුක වීසා බලපත්‍රය (B-1/B-2) මා එක්සත් ජනදපයට පැමිණීමට අදහස් කරන දිනයට පසුව කල් ඉකුත් වෙයි. මා පිටවීමට කළින් අළුත් වීසා බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍යද?
- මගේ එක්සත් ජනපද වීසා බලපත්‍රය ඊළඟ මාස 6 ඇතුලත කල් ඉකුත් වනු ඇත. මා මගේ වර්තමාන වීසා බලපත්‍රය කල් ඉකුත් වීමෙන් පසු අළුත් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවශ්‍යද? නැතිනම් මට කල්තියා අයදුම් කිරීමට හැකිද?
- මා වර්තමානයේ වලංගු B-1/B-2 වීසා බලපත්‍රයක් දරනු ලැබේ, එහි දැක්වෙන්නේ මගේ කන්‍යා නාමයයි, එය මගේ පැරණි විදේශ ගමන් බලපත්‍රය අනුවය. මා මෙම වීසා බලපත්‍රය මගේ අළුත් විදේශ ගමන් බලපත්‍රය වෙත මාරු වීමට අපේක්ෂා කරනු ලැබේ. එහි දැක්වෙන්නේ මගේ විවාහක නාමයයි, නියමිත පරිපාටිය කුමක්ද?
- මගේ වර්තමාන වීසා බලපත්‍රය මා වෙත නිකුත් කරන ලද්දේ මා මගේ කළින් රැකියාවේ නිරතව සිටියදීය. දැන් මා නව සමාගමක නව රැකියාවක නිරතය දක්වා වෙනස් කර ඇත. මගේ නව සේවායෝජකයාට මා ලබන මසදී පැවැත්වීමට නියමිත සම්මේලනයක් සඳහා සහභාගි කරවීමට අවශ්‍ය කර තිබේ. මට එම වීසා බලපත්රයම භාවිත කළ හැකිද? නැතිනම් මා අළුත් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවශ්‍යද?
- මගේ දරුවා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබමින් සිටී. ඔහු සමග ජීවත් වීමට මටත් එහි යා හැකිද?
ප්‍ර. 1 සංචාරක හෝ ව්‍යාපාරික වීසා බලපත්‍රයක් මත මට එක්සත් ජනපදයේ කොපමණ දිගු කාලයක් රැඳී සිටිය හැකිද?
එක්සත් ජනපද සංක්‍රමණ නොවන වීසා බලපත්‍රයක් ඔබට එක්සත් ජනපදයේ පිවිසුම් තොටුපළක් (ගුවන් තොටුපළ/වරාය) සංචාරය කිරීමට අවසරය ප්රදානය කරයි. ඔබ ඔබගේ ගමනාන්ත පිවිසුම් තොටුපළ වෙත පැමිණෙන අවස්ථාවේදී, එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂණ නිලධාරී විසින් ඔබගේ ඇතුල්වීම දරමින් ඔබට රටේ රැඳී සිටිය හැකි කාලය තීරණය කරනු ඇත. ඔබගේ සංක්‍රමණ නොවන වීසා බලපත්‍රය වලංගුව පවතින කාලය අතරතුර සහ වීසා බලපත්‍රය වලංගුව පවතින අවසාන දිනය දක්වා එම දිනයද ඇතුළුව කාලය තුළ ඔබට පිවිසුම් තොටුපළ වෙත සංචාරය කළ හැකිය. වීසා බලපත්‍ර කාලය ඔබට නෛතික වශයෙන් එක්සත් ජනපදය තුළ රැඳීමට හැකි කාලයේ දීර්ඝතාව තීරණය නොකරයි; රේගු සහ දේශසීමා ආරක්ෂණ නිලධාරිවරයාට පමණක් එක්සත් ජනපදය කරා ඔබගේ පැමිණීම මත තීරණය කළ හැකිය.
ප්‍ර. 2 මගේ ආගන්තුක වීසා බලපත්‍රය (B-1/B-2) මා එක්සත් ජනදපයට පැමිණීමට අදහස් කරන දිනයට පසුව කල් ඉකුත් වෙයි. මා පිටවීමට කළින් අළුත් වීසා බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍යද?
වීසා බලපත්‍රය මත දැක්වෙන වලංගු අවසාන දිනය දක්වාම එක්සත් ජනපදයට පැමිණීමට ඔබට හැකිය. පැමිණීම සනිටුහන් වන අවස්ථාවේදී රේගු සහ දේශසීමා ආරක්ෂණ නිලධාරියා විසින් ඔබ එක්සත් ජනපදය තුළ රැඳී සිටින කාලය තීරණය කරයි. ඔබ තවමත් එක්සත් ජනපදය තුළ රැඳී සිටියදී ඔබගේ වීසා බලපත්‍රය කල් ඉකුත් වීම විය හැකිය - හුදෙක්ම ඔබ නිලධාරියා ප්රදානය කරන කාල පරිච්ඡෙදයට වඩා වැඩි වූ කාලයක් රැඳී නොසිටින බවට නිසැක වන්න.
ප්‍ර. 3 මගේ එක්සත් ජනපද වීසා බලපත්‍රය ඊළඟ මාස 6 ඇතුලත කල් ඉකුත් වනු ඇත. මා මගේ වර්තමාන වීසා බලපත්‍රය කල් ඉකුත් වීමෙන් පසු අළුත් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවශ්‍යද? නැතිනම් මට කල්තියා අයදුම් කිරීමට හැකිද?
ඔබ ඔබගේ වර්තමාන වීසා බලපත්‍රය කල් ඉකුත් වන තුරු බලා සිටීම යුතු නොවේ. ඔබගේ වර්තමාන වීසා බලපත්‍රය වලංගුව පවතින්නේ වුවද ඔබට අළුත් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට හැකිය.
ප්‍ර. 4 මා වර්තමානයේ වලංගු B-1/B-2 වීසා බලපත්‍රයක් දරනු ලැබේ, එහි දැක්වෙන්නේ මගේ කන්‍යා නාමයයි, එය මගේ පැරණි විදේශ ගමන් බලපත්‍රය අනුවය. මා මෙම වීසා බලපත්‍රය මගේ අළුත් විදේශ ගමන් බලපත්‍රය වෙත මාරු වීමට අපේක්ෂා කරනු ලැබේ. එහි දැක්වෙන්නේ මගේ විවාහක නාමයයි, නියමිත පරිපාටිය කුමක්ද?
එක්සත් ජනපද වීසා බලපත්‍ර එක් විදේශ ගමන් බලපත්‍රයකින් තවත් එකකට මාරු කිරීමට නොහැකි වේ. ඔබේ නම විවාහය, දික්කසාදය හෝ උසාවි නියෝගයකින් වෙනස් කළ විට, ඔබ නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත යුතුය. නව විදේශ ගමන් බලපත්‍රයක් ලැබීමෙන් පසුව, ඔබට එක්සත් ජනපදයට ඇතුල්වීමට හා පිටතට යාමට පහසු වන පරිදි නව එක්සත් ජනපද වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ කරයි.
ප්‍ර. 5 මගේ වර්තමාන වීසා බලපත්‍රය මා වෙත නිකුත් කරන ලද්දේ මා මගේ කළින් රැකියාවේ නිරතව සිටියදීය. දැන් මා නව සමාගමක නව රැකියාවක නිරතය දක්වා වෙනස් කර ඇත. මගේ නව සේවායෝජකයාට මා ලබන මසදී පැවැත්වීමට නියමිත සම්මේලනයක් සඳහා සහභාගි කරවීමට අවශ්‍ය කර තිබේ. මට එම වීසා බලපත්රයම භාවිත කළ හැකිද? නැතිනම් මා අළුත් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවශ්‍යද?
ඔබගේ වීසා බලපත්‍රය ව්‍යාපාරික හෝ විනෝදය සඳහා වලංගුව පවතින තාක් කල් එම වීසා බලපත්‍රය මත එක්සත් ජනපදයට සංචාරය කිරීමට ඔබට හැකිය.
ප්‍ර. 6 මගේ දරුවා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබමින් සිටී. ඔහු සමග ජීවත් වීමට මටත් එහි යා හැකිද?
ඔබගේ දරුවා වෙත පිවිසීමට ඔබට ඔබගේ B-1/B-2 වීසා බලපත්‍රය (හෝ සුදුසුකම් ලබන්නේ නම්, වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන යටතේ සංචාරය කරන්න) භාවිත කළ හැති අතරතුර ඔබට ඔබගේම සංක්‍රමණ, කාර්ය, හෝ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ඇතොත් මිස ඔබට දරුවා සමගින් ජීවත් විය හැකි නොවේ.
නිති අසන ප්‍රශ්න - රැකියා වීසා බලපත්‍ර
- පෙත්සමක් යනු කුමක්ද?
- අනියම් රැකියාවක් කිරීමට මට වීසා බලපත්‍රයක් ලබා ගත හැකිද?
- තාවකාලික රැකියා වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට වයස් සීමාවක් තිබේද?
- මා වෙනුවෙන් රැකියා වීසා බලපත්‍රයක් සඳහා අනුග්‍රහය දැක්වීමට එක්සත් ජනපදයේ පදිංචි මගේ ඥාතියකුට හැකිද?
- මට එක්සත් ජනපදයට ඇතුල් විය හැක්කේ කවර අවස්ථාවේද?
- වංචා වැළැක්වීමේ සහ අනාවරණය කිරීමේ ගාස්තුව ගෙවන්නේ කවුරුන්ද? ඔවුන් එය ගෙවිය යුත්තේ කවර අවස්ථාවේදීද?
ප්‍ර. 1 පෙත්සමක් යනු කුමක්ද?
එක්සත් ජනපද තානාපති කාර්යාලයේදී හෝ කොන්සියුලර් කාර්යාලයේදී තාවකාලික සේවක වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට පෙරාතුව ඔබ සතුව අනුමත I-129 ආකෘතියක් තිබිය යුතුවේ. සංක්‍රමණ නොවන සේවකයෙකු සඳහා පෙත්සම USCIS වෙතින් වේ. මෙම පෙත්සම ඔබගේ අනාගත සේවායෝජකයා විසින් යෝජිත සේවානියුක්ති ආරම්භක දිනයට මාස 6 කට කළින් නොවන දිනයකදී ඉදිරිපත් කළ යුතුය. සැකසුම් කිරීම සඳහා සුදුසු කාලයක් ඉඩ දෙනු පිණිස මාස 6 ක කාලයක් ඇතුලත හැකි වහාම ඔබගේ සේවායෝජකයා විසින් පෙත්සම ගොනු කළ යුතුය. වරක් අනුමත කළ පසුව, I-797 ආකෘතිය, ක්‍රියාමාර්ගය පිළිබඳ දැන්වීම, ඔබගේ සේවායෝජකයා වෙත යැවෙනු ඇත. වැඩිමනත් තොරතුරු සඳහා, USCIS තාවකාලික සේවක වෙබ් අඩවිය කරා පිවිසෙන්න.
සටහන: ඔබගේ පෙත්සමේ අනුමැතිය සත්‍යාපනය කිරීම පිණිස, එක්සත් ජනපද තානාපති කාර්යාලයට හෝ කොන්සියුලර් කාර්යාලයට ඔබගේ I-129 පෙත්සම් ලදුපත් අංකය අවශ්‍ය වේ, ඒ සමගම ඔබගේ අනුමත I-797 ආකෘතිය තිබිය යුතුය. කරුණාකර ඔබගේ සම්මුඛ පරීක්ෂණයට මේ දෙකම රැගෙන එන්න.
ප්‍ර. 2 අනියම් රැකියාවක් කිරීමට මට වීසා බලපත්‍රයක් ලබා ගත හැකිද?
නැත. අනියම් රැකියාවන් ආවරණය කරන වීසා බලපත්‍ර කිසිවක් නොවේ. එක්සත් ජනපදය තුළ රැකියා කිරීමට සැලසුම් කරන සෑම අයදුම්කරුවෙකුටම ඔවුන්ගේ වීසා බලපත්‍ර හමුවීමට පෙරාතුව අනුමත පෙත්සමක් තිබිය යුතුය.
ප්‍ර. 3 තාවකාලික රැකියා වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට වයස් සීමාවක් තිබේද?
නැත.
ප්‍ර. 4 මා වෙනුවෙන් රැකියා වීසා බලපත්‍රයක් සඳහා අනුග්‍රහය දැක්වීමට එක්සත් ජනපදයේ පදිංචි මගේ ඥාතියකුට හැකිද?
නැත. ඔබට අනුග්‍රහය දැක්වීමට හැක්කේ ඔබගේ සේවායෝජකයාට පමණි.
ප්‍ර. 5 මට එක්සත් ජනපදයට ඇතුල් විය හැක්කේ කවර අවස්ථාවේද?
ඔබගේ මූලික සේවානියුක්ති ආරම්භක දිනයට කළින් දින 10 කට පැමිණෙන තුරු ඔබට එක්සත් ජනපදයට ඇතුල් විය නොහැකිය. එය ඔබගේ I-797 ආකෘතියේ හෝ සේවානියුක්ති අර්පණ ලිපියේ සටහන් කර ඇති පරිදි විය යුතුය.
ප්‍ර. 6 වංචා වැළැක්වීමේ සහ අනාවරණය කිරීමේ ගාස්තුව ගෙවන්නේ කවුරුන්ද? ඔවුන් එය ගෙවිය යුත්තේ කවර අවස්ථාවේදීද?
පොරොවන පෙත්සමක් මත සංචාරය කරන L-1 වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන අයදුම්කරුවෙකු විසින් වංචා වැළැක්වීමේ සහ අනාවරණය කිරීමේ ගාස්තුව ගෙවිය යුතුය. තනි L, H-1B සහ H-2B පෙත්සම් මත, එක්සත් ජනපද පෙත්සම්කරු විසින් පෙත්සම ගොනු කරන අවස්ථාවේදී USCIS වෙත වංචා වැළැක්වීමේ සහ අනාවරණය කිරීමේ ගාස්තුව ගෙවයි.
නිති අසන ප්‍රශ්න - ශිෂ්‍ය වීසා බලපත්‍ර
- I-20 ක් යනු කුමක්ද? මට එය ලබා ගත හැක්කේ කෙසේද?
- මගේ ශිෂ්‍ය වීසා බලපත්‍රය සඳහා මා කොපමණ ඉක්මනින් අයදුම් කළ යුතුද?
- මට මගේ වීසා බලපත්‍රය ලැබුණි. මා සංචාරය කළ යුත්තේ කවදාද?
- ආගන්තුක වීසා බලපත්‍රයක් මත සිටින පුද්ගලයෙකුට එක්සත් ජනපදය තුළ සිටින අතරතුර ඔහු හෝ ඇය විද්‍යාලයකට ඇතුල්වීමේ අවසරය දිනා ගත්තේ නම් සහ I-20 ආකෘතිය ලබා ගත්තේ නම් තම වීසා බලපත්‍ර තත්ත්වය ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලෙසට වෙනස් කරගත හැකිද?
- වෙනත් විද්‍යාලයක් සඳහා මා I-20 ලැබූයේ නම් කුමක් වේද?
- මා H-1B ක් ලෙස රැකියා කරමින් සිටියදී දැන් F-1 ක් ලෙස විශ්වවිද්‍යාලයකට ඇතුල් කරගනු ලැබ ඇත. ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට මා මගේ මව් රට වෙත යාම අවශ්‍ය වේද?
- F-1 ශිෂ්‍ය භාවය ඇත්තෙකුට එක්සත් ජනපදය තුළ රැකියාවක් කළ හැකිද?
- SEVIS පද්ධතිය යනු කුමක්ද? එය මට බලපානු ඇත්තේ කෙලෙසද?
ප්‍ර. 1 I-20 ක් යනු කුමක්ද? මට එය ලබා ගත හැක්කේ කෙසේද?
I-20 ආකෘතිය සහතික ලත් විද්‍යාලයක් මගින් නිකුත් කරනු ලබන එක්සත් ජනපද නිල ආකෘතියක් වන අතර අනාගත සංක්‍රමණ නොවන ශිෂ්‍යයන් විසින් F-1 හෝ M-1 වීසා බලපත්‍රයක් ලබා ගැනීම පිණිස අත් කර ගත යුතුම එකකි. I-20 ආකෘතිය පිළිගැනීම සනාථ කිරීමේ ලියවිල්ලක් ලෙස ක්‍රියා කරන අතර එහි SEVIS I-901 ගාස්තු ගෙවීමට, වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට හෝ වීසා බලපත්‍ර තත්ත්වය වෙනස් කිරීමට, සහ එක්සත් ජනපදයට ඇතුලත් කර ගනු ලැබීමට අවශ්‍ය කරන තොරතුරු අඩංගු වේ. I-20 ආකෘතියේ ශිෂ්‍යයාගේ SEVIS අනන්‍යතා අංකය පවතින අතර N අකුරින් ආරම්භ වන සංඛ්‍යාංක නවයතින් අනුගාමී වන එය ඉහළ දකුණත් පස තීරුකේතයට වහාම ඉහළින් දිස්වේ.
ප්‍ර. 2 මගේ ශිෂ්‍ය වීසා බලපත්‍රය සඳහා මා කොපමණ ඉක්මනින් අයදුම් කළ යුතුද?
ඔබගේ I-20 පෝරමය ඇති විගස ඔබගේ සංක්‍රමණ නොවන ශිෂ්‍ය (F, M සහ J) වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට ඔබව දිරිමත් කරනු ලැබේ. ඔබට ඉක්මන් සහ කාලෝචිත දිනයක් ලබා ගැනීම සහතික කිරීම සඳහා ඔබේ I-20 පෝරමයේ පෙන්වා ඇති ඔබේ වැඩසටහනේ ආරම්භක දිනයේ සිට දින 365ක් ඇතුළත අයදුම් කළ හැක.
ප්‍ර. 3 මට මගේ වීසා බලපත්‍රය ලැබුණි. මා සංචාරය කළ යුත්තේ කවදාද?
ඔබගේ මූලික ඇතුල් වීම සඳහා, ඔබගේ I-20 මත සඳහන් අධ්‍යයන පාඨමාලා ආරම්භක දිනයට දින 30 ක් ඇතුලත පමණක් එක්සත් ජනපදයට ඇතුල් වීමට ඔබට හැකිය. ඒ සඳහා ඔබගේ වීසා බලපත්‍රය නිකුත් තර ඇත්තේ කෙදිනකද යන්න සලකා නොබැලේ.
ප්‍ර. 4 ආගන්තුක වීසා බලපත්‍රයක් මත සිටින පුද්ගලයෙකුට එක්සත් ජනපදය තුළ සිටින අතරතුර ඔහු හෝ ඇය විද්‍යාලයකට ඇතුල්වීමේ අවසරය දිනා ගත්තේ නම් සහ I-20 ආකෘතිය ලබා ගත්තේ නම් තම වීසා බලපත්‍ර තත්ත්වය ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලෙසට වෙනස් කරගත හැකිද?
ඔව්. සාමාන්‍යයෙන්, සංක්‍රමණ නොවන වීසා බලපත්‍රයක් සමගින් නීත්‍යානුකූලව එක්සත් ජනපදයට ඇතුල් කර ගනු ලැබිණි නම්, ඔබට ඔබගේ සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර තත්ත්වය වෙනස් කිරීමට අයදුම් කිරීමට හැකියාව ලැබේ, ඒ සඳහා ඔබගේ සංක්‍රමණ නොවන තත්ත්වය වලංගුව පැවතීම, ඔබ ඔබගේ තත්ත්වයේ කොන්දේසි උල්ලංඝනය කර නොතිබීම, සහ ඔබව නුසුදුසු බවට පත් කරන කවර හෝ වරදක් කර නොතිබීම යන අවශ්‍යතා සපුරා ලන්නේ නම් පමණක් අවස්ථාව හිමිවේ. වැඩිදුර විස්තර සඳහා, කරුණාකර USCIS වෙබ් අඩවිය කරා පිවිසෙන්න.
ප්‍ර. 5 වෙනත් විද්‍යාලයක් සඳහා මා I-20 ලැබූයේ නම් කුමක් වේද?
ඔබගේ හමුවීම උපලේඛනගත කිරීමෙන් පසුව I-20 ක් ඔබට ලැබුණේ නම්, ඉක්බිතිව සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේදී අළුත් I-20 සම්බන්ධයෙන් එක්සත් ජනපද කොන්සියුලර් නිලධාරියා දැනුවත් කිරීමට ඔබට පුළුවන.
ප්‍ර. 6 මා H-1B ක් ලෙස රැකියා කරමින් සිටියදී දැන් F-1 ක් ලෙස විශ්වවිද්‍යාලයකට ඇතුල් කරගනු ලැබ ඇත. ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට මා මගේ මව් රට වෙත යාම අවශ්‍ය වේද?
නැත. වරක් ඔබ එක්සත් ජනපදයට පිවිසි පසුව, වීසා බලපත්‍රය එක්සත් ජනපදයට ඇතුල් වීමට පමණක් වන හෙයින් ඔබ අළුත් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නොවේ. ඔබට තත්ත්වය ගැලපුම් කිරීමට අවශ්‍ය වන්නේ දැයි තීරණය කිරීමට USCIS සමගින් පරීක්ෂා කරන්න. ඔබ රට හැර යන්නේ නම්, කෙසේවෙතත්, එක්සත් ජනපදයට නැවත ඇතුල් වීම පිණිස ශිෂ්‍ය වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය වනු ඇත.
ප්‍ර. 7 F-1 ශිෂ්‍ය භාවය ඇත්තෙකුට එක්සත් ජනපදය තුළ රැකියාවක් කළ හැකිද?
F වීසා බලපත්‍ර මත සිටින පූර්ණ කාලීන ශිෂ්‍යයන්ට සතියකට පැය 20 ක් නොඉක්මවන පීඨාභ්යන්තර සේවානියුක්තියක් සොයනු හැකිය. ශිෂ්‍ය භාවයේ පළමු වසරෙන් පසුව, අයදුම්කරුවෙකුට පීඨයෙන් බැහැර සේවානියුක්තියක් සඳහා අයදුම් කළ හැකි අතර ඒ සඳහා USCIS වෙතින් වන අවසරය අවශ්‍ය වේ. තවදුරටත් තොරතුරු සඳහා කරුණාකර ඔබගේ ශිෂ්‍ය උපදේශක හා සම්බන්ධ වන්න.
ප්‍ර. 8 SEVIS පද්ධතිය යනු කුමක්ද? එය මට බලපානු ඇත්තේ කෙලෙසද?
ශිෂ්‍ය සහ හුවමාරු ආගන්තුක තොරතුරු පද්ධතිය (SEVIS) වැඩ සටහනට විද්‍යාල සහ හුවමාරු වැඩ සටහන් විසින් සියලුම නව සහ අඛණ්ඩනය කරන විදේශ ශිෂ්‍ය සහ හුවමාරු ආගන්තුකයන් සඳහා ඇතුලත් කර ගැනීමේ තත්ත්වය සත්‍යාපනය කිරීම අවශ්‍ය කෙරේ. වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට හැකි වීමට පෙරාතුව ශිෂ්‍ය වීසා බලපත්‍ර අයදුම්කරුවන් විසින් SEVIS ගාස්තුව ගෙවීම අවශ්‍ය වේ. SEVIS වෙබ් අඩවිය තුළ වඩාත් විස්තර තිබේ.
නිති අසන ප්‍රශ්න - හුවමාරු ආගන්තුක වීසා බලපත්‍ර
ප්‍ර. 1 මට මගේ වීසා බලපත්‍රය ලැබුණි. මා සංචාරය කළ යුත්තේ කවදාද?
හුවමාරු ආගන්තුකයන්ට ඔබගේ DS-2019 ආකෘතියේ සඳහන් කෙරෙන පරිදි වැඩ සටහනේ ආරම්භයෙන් දින 30 ක් ඇතුලත පමණක් එක්සත් ජනපදයට ඇතුල් විය හැකිය. ඒ සඳහා ඔබගේ වීසා බලපත්‍රය නිකුත් කරන ලද්දේ කවදාද යන්න සලකා නොබැලේ.
ප්‍ර. 2 SEVIS පද්ධතිය යනු කුමක්ද? එය මට බලපාන්නේ කෙලෙසද?
ශිෂ්‍ය සහ හුවමාරු ආගන්තුක තොරතුරු පද්ධතිය (SEVIS) වැඩ සටහනට විද්‍යාල සහ හුවමාරු වැඩ සටහන් විසින් සියලුම නව සහ අඛණ්ඩනය කරන විදේශ ශිෂ්‍ය සහ හුවමාරු ආගන්තුකයන් සඳහා ඇතුලත් කර ගැනීමේ තත්ත්වය සත්‍යාපනය කිරීම අවශ්‍ය කෙරේ. වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට හැකි වීමට පෙරාතුව ශිෂ්‍ය වීසා බලපත්‍ර අයදුම්කරුවන් විසින් SEVIS ගාස්තුව ගෙවීම අවශ්‍ය වේ. SEVIS වෙබ් අඩවිය තුළ වඩාත් විස්තර තිබේ.
ප්‍ර. 3 “දෑවුරුදු රීතිය“ යනු කුමක්ද?
“දෑවුරුදු රීතිය“ යනු එක්සත් ජනපද සංක්‍රමණ නීතියේ වගන්තියක් හඳුන්වන පොදු යෙදුමක් වන අතර එයින් අවශ්‍ය කෙරෙන්නේ, බොහෝ හුවමාරු ආගන්තුකයන් තම හුවමාරු පිවිසුම සමාප්ත වීමෙන් පසුව යටත් පිරිසෙයින් අවුරුදු දෙකක කාලයක් සඳහාවත් ආපසු තම මව්රට බලා යාමත් එහි භෞතිකව පෙනී සිටීමත්ය. නිශ්චිත වීසා බලපත්‍ර වර්ග යටතේ, විශේෂයෙන්ම H-1, L-1, K-1 සහ සංක්‍රමණ වීසා බලපත්‍ර යටතේ, ආපසු එක්සත් ජනපදයට පැමිණීමට පෙරාතුව මෙම මෙම වාසය අවශ්‍ය වේ. ඔබගේ J-1 වීසා බලපත්‍රය නිකුත් තර ඇති විටදී ඔබගේ DS-2019 මත දෑවුරුදු රීතිය අදාළ වන්නේදැයි යන්න පිළිබඳව ප්‍රාථමික සොයාගැනීමක් පමණක් වන බව සටහන් කර ගැනීම වැදගත් වේ. ඔබ පසු කාලයකදී H-1, L-1, K-1, හෝ සංක්‍රමණ වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට තෝරා ගන්නේ නම් පමණක් අවසාන තීරණය ගනු ලැබෙනවා ඇත.
දෑවුරුදු රීතියට යටත් J-1 වීසා බලපත්‍ර දරන්නන් පළමුව අවුරුදු දෙකක කාලයක් සඳහා මව්රටට යළි පැමිණීමෙන් තොරව හෝ අනුමත නිදහස් කිරීමක් අත්කර ගැනීමෙන් තොරව, එක්සත් ජනපදය තුළ රැඳී සිටීමට සහ තහනම් සංක්‍රමණ නොවන තත්ත්වය (උදාහරණ වශයෙන්, J-1 වීසා බලපත්‍රයක සිට H-1 වීසා බලපත්‍රයක් දක්වා) සඳහා ගැලපුම් කිරීම/වෙනස් කිරීම ක් අයදුම් කිරීමට, හෝ නීතිමය ස්ථිර නේවාසික තත්ත්වය (ග්‍රීන් කාඩ්) සඳහා අයදුම් කිරීමට අවසර නොලබයි. ඔබ දෑවුරුදු රීතියට යටත් වන්නේද යන බව සාධක ගණනාවක් මගින් තීරණය වනු ඇත, ඔබගේ අරමුදල් මූලාශ්‍රය සහ ඔබගේ රටේ “කුසලතා ලැයිස්තුව“ ද ඊට ඇතුලත් වේ. ඔබ එක්සත් ජනපදය තුළ ගත කර ඇති කාලය කොතරම්ද යන්න මගින් එය තීරණය නොවනු ඇත.
ප්‍ර. 4 දෑවුරුදු රීතියෙන් නිදහස් විය හැකිද?
බොහෝ විට, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වීසා බලපත්‍ර කාර්යාලයට පමණක් දෑවුරුදු රීතිය සම්බන්ධයෙන් නිදහස් කිරීම් ප්රදානය කිරීමට හැකිය. ඔබගේ විදේශ ගමන් බලපත්‍රය මත කුමක් අටුවා ගන්වා ඇත්ද යන්න නොසලකා ඔබ දෑවුරුදු රීතියට යටත් වන්නේද යන බව සම්බන්ධයෙන් අවසාන අධිකාරී බලය පවතින්නේ ද වීසා බලපත්‍ර කාර්යාලය සතුවය. ඔබ දෑවුරුදු රීතියට යටත් වන්නේ නම්, නිදහස් කිරීමක් ලබා ගැනීමට ඔබට හැකියාව තිබිය හැකිය. ඔබ දෑවුරුදු රීතියට යටත් වන විට පවා, ඔබ තවමත් ඉහතින් සටහන් කළ ඒවා හැර සංචාරක වීසා බලපත්‍රයක් හෝ වෙනත් කවර සංක්‍රමණ නොවන වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලබනු විය හැකිය.
නිති අසන ප්‍රශ්න - මාර්ගස්ථ/නැවි කාර්ය මණ්ඩල වීසා බලපත්‍ර
ප්‍ර. 1 මා එක් දිනක් සඳහා එක්සත් ජනපදය තුළ නැවතීමට සැලසුම් කරන අතර ඊළඟ දිනයේදී වෙනත් රටක් බලා ගුවන් යානය ගැනීම අපේක්ෂාව වේ. මා C-1 වීසා බලපත්‍රයක් හෝ B-1/B-2 වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවශ්‍යද?
ඔබ එක්සත් ජනපදය හරහා මාර්ගස්ථ වීම හැර මිතුරන් වෙත පිවිසීම හෝ දසුන් නැරඹීම වැනි අරමුණක් සඳහා ඉසිඹු වරප්‍රසාද සොයන්නේ නම්, ඔබ B-2 වීසා බලපත්‍රය වැනි එම අරමුණ සඳහා අවශ්‍ය වන වීසා බලපත්‍රය සඳහා සුදුසුකම් ලබා ගැනීම සහ ලබා ගැනීම යුතුය
නිති අසන ප්‍රශ්න - ආගමික සේවක වීසා බලපත්‍ර
ප්‍ර. 1 මම ආගමික සේවක වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරමින් සිටිමි. නමුත් මා සතුව අනුමත පෙත්සමක් නැත. මා කළින් R-1 වීසා බලපත්‍රයක් මත එක්සත් ජනපදයට පිවිසුණු නමුත් පෙත්සමක් ඇතිව සිටීමට අවශ්‍ය නොවීය. අතීතයේදී මට R-1 වීසා බලපත්‍රයක් තිබුණු බැවින් පෙත්සමක් නොමැතිව R-1 වීසා බලපත්‍රයක් අයදුම් කිරීමට මට හැකිද?
අනුමත පෙත්සමක අවශ්‍යතාව බලාත්මක වූයේ 2008 නොවැම්බර් 28 දිනයේ සිටය. R-1 සංක්‍රමණ නොවන වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන සියලුම අයදුම් කරුවන්ට එක්සත් ජනපද පුරවැසිභාවය සහ සංක්‍රමණ සේවා (USCIS) වෙතින් වන අනුමත පෙත්සමක් අවශ්‍ය වේ. වැඩිමනත් තොරතුරු සඳහා, කරුණාකර USCIS වෙබ් අඩවිය කරා පිවිසෙන්න.
නිතර ඇසෙන ප්‍රශ්න - මගේ ගමන් බලපත්‍රයේ ගමන් මග
ප්‍ර.1 සම්මුඛ පරීක්ෂණයෙන් පසු මගේ ගමන් බලපත්‍රය ආපසු ලබා ගන්නේ කෙසේද?
ඔබගේ වීසා අයදුම්පත අනුමත කර ඇත්නම්, ඔබගේ විදේශ ගමන් බලපත්‍රය සහ වීසා බලපත්‍රය ඔබ සම්මුඛ පරීක්ෂණ හමුවීමට නියමිත විට ඔබ තෝරාගත් ලේඛන එකතු කිරීමේ මධ්‍යස්ථානයෙන් ලබා ගත හැක. වැඩි විස්තර සඳහා කරුණාකර මෙම වෙබ් පිටුවට පිවිසෙන්න.
පප්ර.2 මගේ ගමන් බලපත්‍රය තානාපති කාර්යාලයෙන් /කොන්සල් කාර්යාලයෙන් ලබා ගැනීමට මා ඉදිරිපත් කළ යුත්තේ මොනවාද?
ඔබගේ විදේශ ගමන් බලපත්‍රය සහ වීසා බලපත්‍රය අනවසර පුද්ගලයෙකුට ලබා දී නොමැති බව සහතික කිරීම සඳහා, ඔබ ඔබගේ විදේශ ගමන් බලපත්‍රය ලබා ගන්නා විට හඳුනා ගැනීම සඳහා රජය විසින් නිකුත් කරන ලද ඡායාරූප හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතුය. වැඩි විස්තර සඳහා කරුණාකර මෙම වෙබ් පිටුවට පිවිසෙන්න.
ප්‍ර.3 අනන්‍යතාවය සනාථ කිරීම සඳහා කුමන වර්ගයේ අනන්‍යතාවයක් පිළිගනු ලබන්නේද?
ඔබ රජය විසින් නිකුත් කරන ලද මුල් ඡායාරූප හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතුය.
ප්‍ර. 4. මා හැර වෙනත් කෙනෙකුට ගමන් බලපත්‍රය ලබා ගත හැකිද?
ඔව්. කෙසේ වෙතත්, ඔබගේ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ඔබගේ නියෝජිතයා - පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් වුවද - පහත සඳහන් දෑ ඉදිරිපත් කළ යුතුය:
- හඳුනාගැනීම සඳහා රජය විසින් නිකුත් කරන ලද ඔවුන්ගේම මුල් ඡායාරූප හැඳුනුම්පත;
- ඔබගේ රජය විසින් නිකුත් කරන ලද ඡායාරූප හැඳුනුම්පතේ ඡායා පිටපතක්; සහ
- ඔබගේ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට ඔබගේ නියෝජිතයාට බලය පවරමින් ඔබ විසින් අත්සන් කරන ලද අධිකාරියේ ලිපියක්. අධිකාරියේ ලිපියේ පහත තොරතුරු අඩංගු විය යුතුය:
- ඔවුන්ගේ රජය විසින් නිකුත් කරන ලද ඡායාරූප හැඳුනුම්පතේ පෙන්වා ඇති පරිදි ඔබේ නියෝජිතයාගේ සම්පූර්ණ නම; සහ
- ඔයාගේ නම
අයදුම්කරු වයස අවුරුදු 18 ට අඩු නම්, පහත සඳහන් ලියකියවිලි අවශ්‍ය වේ:
- අයදුම්කරුගේ දෙමව්පියන්ගෙන් කවරෙකුගෙන් හෝ මුල්, අත්සන් කරන ලද අධිකාරියේ ලිපියක්;
- අයදුම්කරුගේ අධිකාරියේ ලිපියට අත්සන් කළ දෙමාපියන්ට අයත් රජය විසින් නිකුත් කරන ලද ඡායාරූප හැඳුනුම්පතේ පැහැදිලි ඡායා පිටපතක්; සහ
- නියෝජිතයාගේ මුල් රජය විසින් නිකුත් කරන ලද ඡායාරූප හැඳුනුම්පත.
සටහන: කණ්ඩායමක්/පවුලක් නම්, එක් එක් අයදුම්කරුවන් සඳහා අවශ්‍ය තොරතුරු සහිත තනි අධිකාරියේ ලිපියක් පිළිගනු ලැබේ.
නිතර අසන පැන - වාරික බෙදාහැරීමේ සේවා
- විදේශ ගමන් බලපත්‍රය නිවසට / කාර්යාල ලිපිනයට භාරදීම සඳහා කිසියම් සේවාවක් තිබේද?
- මෙම සේවාව සඳහා මා ගෙවන්නේ කෙසේද?
- මම වාරික කුරියර් ගාස්තු ගෙවා ඇත, ගෙවීමේ රිසිට්පත මා සතුව ඇත්තේ කෙසේද?
- හමුවීමක් කාලසටහන්ගත කිරීමෙන් පසුව හෝ වීසා සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමෙන් පසු මට සේවය සඳහා තෝරා ගත හැකිද?
- මම මගේ පවුලේ අය සමඟ එක්ව අයදුම් කරනවා, මම සියලුම සාමාජිකයන් සඳහා ගෙවිය යුතුද?
- කුරියර් පැමිණෙන විට නිවසේ කිසිවෙකු නොමැති නම් මගේ විදේශ ගමන් බලපත්‍රයට කුමක් සිදුවේද?
- මගේ විදේශ ගමන් බලපත්‍රය ලබා දෙන විට කුරියර් වෙත මා පෙන්විය යුත්තේ කුමක්ද?
- මගේ විදේශ ගමන් බලපත්‍රය භාරදිය යුත්තේ මගේ නිවසට පමණක්ද?
- අනන්‍යතාවය ඔප්පු කිරීම ලෙස පිළිගත හැකි හැඳුනුම්පත් වර්ග මොනවාද?
- මගේ තැපැල් කේතය කුරියර් සමාගම විසින් බෙදා හැරීම සඳහා සේවා කළ නොහැකි නම් කුමක් කළ යුතුද?
- මගේ ලිපිනය වැරදි/අසම්පූර්ණ වූ අතර Courier සමාගම මගේ නිවැරදි ලිපිනයට ගමන් බලපත්‍රය ලබා නොදෙන්නේද?
- මට/පවුලේ සාමාජිකයෙකුට භාරදීමෙන් පසු මුදල් නොමැති නම්, ඔවුන්ට Aramex මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකිද?
- සිකුරාදා දින ගෙවීම අතපසු වූ නමුත් සෙනසුරාදා දින ගමන් කිරීමට අවශ්‍ය වන අයදුම්කරුවන් සඳහා විදේශ ගමන් බලපත්‍රවලට කුමක් සිදුවේද?
ප්‍ර.1 විදේශ ගමන් බලපත්‍රය නිවසට / කාර්යාල ලිපිනයට භාරදීම සඳහා කිසියම් සේවාවක් තිබේද?
ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක නාමික ගාස්තුවකට ඔබගේ විදේශ ගමන් බලපත්‍රය ඔබගේ දොරකඩටම ගෙන්වා ගත හැක. ඔබට මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍ය නම්, කරුණාකර ඔබගේ හමුවීම කාලසටහන්ගත කරන අතරතුර ලේඛන බෙදා හැරීමේ පිටුවේ "වාරික බෙදා හැරීම" විකල්පය තෝරන්න. මෙම සේවාව තෝරාගැනීමේදී කිසිදු ගාස්තුවක් ගෙවිය යුතු නොවේ. ඔබගේ විදේශ ගමන් බලපත්‍රය භාර දෙන අවස්ථාවේදී ගාස්තුව එකතු කරනු ලැබේ. වැඩි විස්තර සහ මිල ගණන් සඳහා, සබැඳිය බලන්න.
Q.2 මෙම සේවාව සඳහා මා ගෙවන්නේ කෙසේද?
මෙය Cash on Delivery සේවාවක් වන අතර, එබැවින් ඔබගේ විදේශ ගමන් බලපත්‍රය භාරදීමේදී ඔබට නාමික ගාස්තුවක් ගෙවීමට සිදුවේ. මෙම ගාස්තුව අදාළ සියලු බදු ඇතුළත් වේ. වැඩි විස්තර සහ මිල ගණන් සඳහා, සබැඳිය බලන්න.
ප්‍ර.3 මම වාරික කුරියර් ගාස්තු ගෙවා ඇත, ගෙවීමේ රිසිට්පත මා සතුව ඇත්තේ කෙසේද?
සපයා ඇති ලිපිනයට විදේශ ගමන් බලපත්‍රය භාර දෙන අවස්ථාවේදී, මෙම සේවාව සඳහා ගෙවීම් කුවිතාන්සිය ඔබ වෙත භාර දෙනු ලැබේ.
ප්‍ර.4 හමුවීම කාලසටහන්ගත කිරීමෙන් පසුව හෝ වීසා සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීමෙන් පසුව මට සේවය සඳහා තෝරා ගත හැකිද?
ඔබගේ සම්මුඛ පරීක්ෂණ හමුවීමට දිනකට පෙර උදෑසන 7 දක්වා ඔබට මෙම සේවාව තෝරා ගත හැක. ඔබ ඔබේ ලේඛන බෙදා හැරීමේ විකල්පය වෙනස් කරන්නේ නම්, වීසා සම්මුඛ පරීක්ෂණය සඳහා යන අතරතුර, කරුණාකර ඔබේ පැතිකඩෙහි උපකරණ පුවරුවෙන් නව හමුවීම් තහවුරු කිරීමේ ලිපියක් මුද්‍රණය කරන්න.
ප්‍ර.5 මම මගේ පවුලේ අය සමඟ එක්ව අයදුම් කරනවා, මම සියලුම සාමාජිකයන් සඳහා ගෙවිය යුතුද?
ඔව්, ආරක්ෂක හේතූන් මත සෑම විදේශ ගමන් බලපත්රයක්ම වෙන වෙනම යවනු ලබන අතර එකට සම්බන්ධ නොකරන බැවින්, ඔබට එක් එක් සාමාජිකයා සඳහා ගෙවීමට සිදුවේ. වැඩි විස්තර සහ මිල ගණන් සඳහා, සබැඳිය බලන්න.
ප්‍ර.6 කුරියර් පැමිණෙන විට නිවසේ කිසිවෙකු නොමැති නම් මගේ විදේශ ගමන් බලපත්‍රයට කුමක් සිදුවේද?
මෙම සේවාව තෝරා ගන්නා අවස්ථාවේදී ඔබ තෝරාගත් ලිපිනයට පමණක් ඔබගේ විදේශ ගමන් බලපත්‍රය ලබා දීමට කුරියර් උත්සාහ කරයි. බෙදා හැරීමට උත්සාහ කිරීමට පෙර කුරියර් ඔබට ඇමතුමක් ලබා දෙනු ඇත. ඔබට ඇමතුම ලැබෙන්නේ නම් මිස, කුරියර් බෙදා හැරීමට උත්සාහ නොකරයි.
ප්‍ර.7 මගේ විදේශ ගමන් බලපත්‍රය ලබා දෙන විට කුරියර් වෙත මා පෙන්විය යුත්තේ කුමක්ද?
ආරක්ෂක හේතූන් මත, ඔබ ඔබගේ විදේශ ගමන් බලපත්‍රය එකතු කරන විට සත්‍යාපනය සඳහා රජය විසින් නිකුත් කරන ලද මුල් ඡායාරූප හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතුය. කුරියර් විසින් ඔබට භාර දෙන සියලුම ලියකියවිලි සඳහාද ඔබ අත්සන් කළ යුතුය.
ප්‍ර.8 මගේ විදේශ ගමන් බලපත්‍රය භාරදිය යුත්තේ මගේ නිවසට පමණක්ද?
නැත. ඔබගේ විදේශ ගමන් බලපත්‍රය ඔබගේ කාර්යාලයට හෝ ඔබගේ පවුලේ සාමාජිකයෙකුට කුරියර් කළ හැක. ලබන්නා සත්‍යාපනය සඳහා රජය විසින් නිකුත් කරන ලද මුල් ඡායාරූප හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතු අතර ඔබේ විදේශ ගමන් බලපත්‍රය භාරදීම පිළිගැනීම සඳහා අවශ්‍ය ගාස්තුව ගෙවිය යුතුය. වැඩි විස්තර සහ මිල ගණන් සඳහා, සබැඳිය බලන්න.
ප්‍ර.9 අනන්‍යතාවය ඔප්පු කිරීම ලෙස පිළිගත හැකි හැඳුනුම්පත් වර්ග මොනවාද?
ආරක්ෂක හේතූන් මත, ඔබ රජයෙන් නිකුත් කළ මුල් ඡායාරූප හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතුය.
ප්‍ර.10 මගේ තැපැල් කේතය බෙදා හැරීම සඳහා කුරියර් සමාගමට සේවා කළ නොහැකි නම් කුමක් කළ යුතුද?
ඔබගේ තැපැල් කේතය සේවා කළ නොහැකි නම්; ඔබගේ නිවසට ආසන්නතම ලේඛන එකතු කිරීමේ මධ්‍යස්ථානය තෝරා ගැනීමට ඔබට විකල්පයක් ඇත. කරුණාකර ඔබගේ හමුවීම කාලසටහන්ගත කරන අතරතුර "පිකප්" විකල්පය තෝරන්න, ඉන්පසු ළඟම ඇති ලේඛන එකතු කිරීමේ මධ්‍යස්ථානය තෝරන්න.
ප්‍ර.11 මගේ ලිපිනය වැරදි/අසම්පූර්ණ වූ අතර Courier සමාගම මගේ නිවැරදි ලිපිනයට ගමන් බලපත්‍රය ලබා නොදෙන්නේද?
කරුණාකර support-srilanka@ustraveldocs.com හි ඔබගේ ලියාපදිංචි විද්‍යුත් තැපෑලෙන් විද්‍යුත් තැපෑලෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතා සම්පූර්ණ සහ නිවැරදි ලිපිනය ලබා දෙන්න.
ප්‍ර.12 මට/පවුලේ සාමාජිකයෙකුට භාරදීමෙන් පසු මුදල් නොමැති නම්, ඔවුන්ට Aramex මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකිද?
නැත. ඔබගේ විදේශ ගමන් බලපත්‍රය/ලේඛනය භාරදීමට උත්සාහ කිරීමට පෙර, කුරියර් විසින් ඔබව අමතන අතර ඒ අනුව ඔබට සේවාව ගෙවීමට මුදල් සලසා ගත හැක. ඔබට ඇමතුම ලැබෙන්නේ නම් මිස, කුරියර් බෙදා හැරීමට උත්සාහ නොකරයි.
ප්‍ර.13 සිකුරාදා දින ගෙවීම අතපසු වූ නමුත් සෙනසුරාදා දින ගමන් කිරීමට අවශ්‍ය වන අයදුම්කරුවන් සඳහා විදේශ ගමන් බලපත්‍රවලට කුමක් සිදුවේද?
සියලුම අයදුම්කරුවන්, ඔවුන් සාමාන්‍ය බෙදාහැරීම හෝ වාරික බෙදාහැරීම තෝරා ගත්තේද යන්න නොසලකා, ගමන් කාලය වන විට විදේශ ගමන් බලපත්‍රය ලබා නොගැනීමේ අවදානම වළක්වා ගැනීම සඳහා කල්තියා සැලසුම් කිරීමට උපදෙස් දෙනු ලැබේ. භාරදීමේ අවස්ථාවේදී ඔබ ගෙවිය යුතුය. වැඩි විස්තර සහ මිල ගණන් සඳහා, සබැඳිය බලන්න.
නිතර අසන පැන - වාරික පිකප් සහ ඉදිරිපත් කිරීම් ස්ථාන
- කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය හැර ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ විදේශ ගමන් බලපත්‍ර භාරදීම/ ඉදිරිපත් කිරීම සඳහා කිසියම් සේවාවක් තිබේද?
- මෙම සේවාව සඳහා මා ගෙවන්නේ කෙසේද?
- මම වාරික බෙදා හැරීමේ ගාස්තු ගෙවා ඇත, ගෙවීමේ රිසිට්පත මා සතුව ඇත්තේ කෙසේද?
- හමුවීමක් කාලසටහන්ගත කිරීමෙන් පසුව හෝ වීසා සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමෙන් පසු මට සේවය සඳහා තෝරා ගත හැකිද?
- මම මගේ පවුලේ අය සමඟ එක්ව අයදුම් කරනවා, මම සියලුම සාමාජිකයන් සඳහා ගෙවිය යුතුද?
- ඔවුන් මගේ විදේශ ගමන් බලපත්‍රය භාර දෙන විට ලේඛන බෙදා හැරීමේ කවුන්ටරයට මා පෙන්විය යුත්තේ කුමක්ද?
- අනන්‍යතාවය ඔප්පු කිරීම ලෙස පිළිගත හැකි හැඳුනුම්පත් වර්ග මොනවාද?
- මා/පවුලේ සාමාජිකයෙකුට භාරදීමෙන්/ ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් නොමැති නම්, භාරදීමෙන්/ ඉදිරිපත් කිරීමෙන් පසු ගාස්තුව ගෙවිය හැකිද?
- සිකුරාදා දින එකතු කිරීම අතපසු වූ නමුත් සෙනසුරාදා දින ගමන් කිරීමට අවශ්‍ය වන අයදුම්කරුවන් සඳහා විදේශ ගමන් බලපත්‍රවලට කුමක් සිදුවේද?
ප්‍ර.1 කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය හැර ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ විදේශ ගමන් බලපත්‍ර භාරදීම/ ඉදිරිපත් කිරීම සඳහා කිසියම් සේවාවක් තිබේද?
ඔබට අමතර ගාස්තුවක් සමඟින් ශ්‍රී ලංකාවේ කොළඹ හෝ මාලදිවයිනේ පිහිටි VFS Global හි වාරික ලේඛන එකතු කිරීමේ මධ්‍යස්ථාන 2 න් එකකට ඔබගේ විදේශ ගමන් බලපත්‍රය භාර දීමට/ ඉදිරිපත් කිරීමට හැකිය. ඔබට මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍ය නම්, කරුණාකර ඔබගේ හමුවීම කාලසටහන්ගත කරන අතරතුර ලේඛන බෙදා හැරීමේ පිටුවේ අදාළ නගරය තෝරන්න. මෙම සේවාව තෝරාගැනීමේදී කිසිදු ගාස්තුවක් ගෙවිය යුතු නොවේ. ඔබගේ විදේශ ගමන් බලපත්‍රය භාරදීම/ඉදිරිපත් කරන අවස්ථාවේදී ගාස්තුව එකතු කරනු ලැබේ. වැඩි විස්තර සහ මිල ගණන් සඳහා, සබැඳිය බලන්න.
ප්‍ර.2 මෙම සේවාව සඳහා මා ගෙවන්නේ කෙසේද?
මෙය කවුන්ටරය හරහා මුදල්/බෙදාහැරීමේ සේවාවක් වන අතර, එබැවින් ඔබගේ විදේශ ගමන් බලපත්‍රය/ලේඛනය භාරදීමට/ ඉදිරිපත් කරන වේලාවට පෙර ඔබට නාමික ගාස්තුවක් ගෙවීමට සිදුවේ. මෙම ගාස්තුව අදාළ සියලු බදු ඇතුළත් වේ. වැඩි විස්තර සහ මිල ගණන් සඳහා, සබැඳිය බලන්න.
ප්‍ර.3 මම වාරික බෙදාහැරීමේ ගාස්තු ගෙවා ඇත, ගෙවීමේ රිසිට්පත මා සතුව ඇත්තේ කෙසේද?
ඔබ VFS Global මුදල් කවුන්ටරය හරහා ගාස්තුව ගෙවූ පසු, අයකැමියා ඔබට මෙම සේවාව සඳහා ගෙවීම් කුවිතාන්සියක් ලබා දෙනු ඇත.
ප්‍ර.4 හමුවීම කාලසටහන්ගත කිරීමෙන් පසුව හෝ වීසා සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීමෙන් පසුව මට සේවය සඳහා තෝරා ගත හැකිද?
ඔබගේ සම්මුඛ පරීක්ෂණ හමුවීමට දිනකට පෙර උදෑසන 7 දක්වා ඔබට මෙම සේවාව තෝරා ගත හැක. ඔබට ඔබගේ පැතිකඩට පුරනය වීමට අවශ්‍ය වනු ඇති අතර, ලේඛන බෙදා හැරීමේ පිටුවෙන් ඔබට විදේශ ගමන් බලපත්‍රය/ලේඛන ලබා ගැනීමට හෝ භාරදීමට අවශ්‍ය නගරය තෝරාගත හැක. ඔබ ඔබේ ලේඛන බෙදා හැරීමේ විකල්පය වෙනස් කරන්නේ නම්, වීසා සම්මුඛ පරීක්ෂණය සඳහා යන අතරතුර, කරුණාකර ඔබේ පැතිකඩෙහි උපකරණ පුවරුවෙන් නව හමුවීම් තහවුරු කිරීමේ ලිපියක් මුද්‍රණය කරන්න.
ප්‍ර.5 මම මගේ පවුලේ අය සමඟ එක්ව අයදුම් කරනවා, මම සියලුම සාමාජිකයන් සඳහා ගෙවිය යුතුද?
ඔව්, ආරක්ෂක හේතූන් මත සෑම විදේශ ගමන් බලපත්රයක්ම ඇසුරුම් කර බෙදා හරිනු ලබන අතර එකට එකතු නොකරන බැවින්, ඔබට එක් එක් සාමාජිකයා සඳහා වෙන වෙනම ගෙවීමට සිදුවේ. වැඩි විස්තර සහ මිල ගණන් සඳහා, සබැඳිය බලන්න.
ප්‍ර.6 මගේ විදේශ ගමන් බලපත්‍රය භාර දෙන විට ලේඛන බෙදා හැරීමේ කවුන්ටරයට මා පෙන්විය යුත්තේ කුමක්ද?
ආරක්ෂක හේතූන් මත, ඔබ ඔබගේ විදේශ ගමන් බලපත්‍රය එකතු කරන විට සත්‍යාපනය සඳහා රජය විසින් නිකුත් කරන ලද මුල් ඡායාරූප හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතුය. වැඩි විස්තර සඳහා සබැඳිය බලන්න.
ප්‍ර.7 අනන්‍යතාවය ඔප්පු කිරීම ලෙස පිළිගත හැකි හැඳුනුම්පත් වර්ග මොනවාද?
ආරක්ෂක හේතූන් මත, ඔබ රජයෙන් නිකුත් කළ මුල් ඡායාරූප හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතුය.
ප්‍ර.8 මා/පවුලේ සාමාජිකයෙකුට භාරදීමෙන්/ ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් නොමැති නම්, භාරදීමෙන්/ ඉදිරිපත් කිරීමෙන් පසු ගාස්තුව ගෙවිය හැකිද?
නැත, ලේඛන බෙදා හැරීමේ කවුන්ටරයේ ලේඛන එකතු කිරීමට/ ඉදිරිපත් කිරීමට පෙර ඔබට ගෙවීමේ රිසිට්පත ඉදිරිපත් කිරීමට සිදුවේ.
ප්‍ර.9 සිකුරාදා දින එකතු කිරීම අතපසු වූ නමුත් සෙනසුරාදා දින ගමන් කිරීමට අවශ්‍ය වන අයදුම්කරුවන් සඳහා විදේශ ගමන් බලපත්‍රවලට කුමක් සිදුවේද?
සියලුම අයදුම්කරුවන්, ඔවුන් සාමාන්‍ය බෙදාහැරීම හෝ වාරික බෙදාහැරීම තෝරා ගත්තේද යන්න නොසලකා, ගමන් කාලය වන විට විදේශ ගමන් බලපත්‍රය ලබා නොගැනීමේ අවදානම වළක්වා ගැනීම සඳහා කල්තියා සැලසුම් කිරීමට උපදෙස් දෙනු ලැබේ. ඔබට ප්‍රිමියම් බෙදාහැරීමේ මධ්‍යස්ථානවලින් භාරදෙන අවස්ථාවේදී ගාස්තු ගෙවිය හැකිය. වැඩි විස්තර සහ මිල ගණන් සඳහා, සබැඳිය බලන්න.
නිති අසන ප්‍රශ්න - වීසා බලපත්‍ර ලේඛන පැකට්ටු හා නවීන සංක්‍රමණික වීසා (MIV)
ප්‍ර-1: මෑතකදී මගේ සංක්‍රමණ වීසා සම්මුඛ සාකච්ඡාව තානාපති කාර්යාලයේ/කොන්සියුලර් කාර්යාලයේදී පැවැත් වුනා. එහිදී මගේ විදේශ ගමන් බලපත්‍රය සහ වීසා ලබා දෙන ලදී. කෙසේ වෙතත්, ගුවන්යානයේ මා සමඟ එක්සත් ජනපදයට රැගෙන යාමට මුද්‍රා තැබූ ලියුම් කවරයක බහාලන ලද ලියකියවිලි පැකට්ටුවක් මට ලැබුණේ නැත. මාගේ නීතිඥයා/පෙත්සම්කරු/මිතුරන් පවසන්නේ මට එය නොමැතිව පියාසර කළ නොහැකි බවයි. මම කළ යුත්තේ කුමක් ද?
අ: එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සමහර සංක්‍රමණික වීසා ඉල්ලුම් පත්‍රවල ඉලෙක්ට්‍රොනික සැකසුම්කරණයක් ආරම්භ කර ඇත. ජාතික වීසා මධ්‍යස්ථානයට හෝ ඔබේ වීසා බලපත්‍ර සම්මුඛ සාකච්ඡාව පැවැත් වූ තානාපති කාර්යාලය/කොන්සියුලර් කාර්යාලයට ඔබ සිවිල් හා මූල්‍ය ආධාරක ලේඛන CEAC ද්වාරය හරහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය වුවහොත්, ඔබේ වීසා නිකුත් කරනු ලබන්නේ නව වීසා ක්‍රියාවලිය යටතේය. ඔබේ වීසා බලපත්‍ර සම්මුඛ සාකච්ඡාව පැවැත් වූ තානාපති කාර්යාලය/කොන්සියුලර් කාර්යාලය මගින් නිශ්චිත දැනුම් දීමක් කර ඇති අවස්ථාවක හැර, ඔබට මුද්‍රා තැබූ ලියුම් කවරයක බහාලන ලද ලියකියවිලි පැකට්ටුවක් එක්සත් ජනපද ඇතුල් වීමේ තොටුපොළ වෙත රැගෙන යාම අවශ්‍ය නැත. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ඔබේ ලියකියවිලි, රටට ඇතුලු වන සියලු සංක්‍රමණිකයන් පරීක්ෂා කර බලන ආයතන වන එක්සත් ජනපද දේශීය ආරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ රේගු සහ දේශසීමා ආරක්ෂණයට (DHS/CBP) ඉලෙක්ට්‍රොනිකව ලැබීමට සලස්වා ඇත. ඔබ එක්සත් ජනපදයට ඇතුල් වීමේ තොටුපොළේ පිහිටි ආගමන විගමන කාර්යාලයට පැමිණෙන විට, CBP නිලධාරීන් හට එක්සත් ජනපදයට ඔබේ පිවිසුම සැකසීමට අවශ්‍ය සියලුම තොරතුරු වෙත ප්‍රවේශය ඇත.
මෙම නව ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලිය ඔබගේ සංක්‍රමණ වීසා අයදුම්පත සැකසුම්කරණය සහ එක්සත් ජනපදයට ඇතුල්වීම වඩා පහසු කරනු ඇත.
ප්‍ර-2: මම මගේ සිවිල් හා මූල්‍ය ලේඛන ඉලෙක්ට්‍රොනිකව හෝ තැපෑලෙන් ඉදිරිපත් කළාද යැයි මතක නැත. කඩදාසි රහිත ක්‍රියාවලිය යටතේ මගේ වීසා බලපත්‍රය නිකුත් කළේද යන්න තීරණය කිරීමට වෙනත් ක්‍රමයක් තිබේද?
අ: ඔව්. ඔබගේ වීසා බලපත්‍රය දෙස බලන්න. ඔබට කඩදාසි සහිත පැකට්ටුවක් අවශ්‍ය නොවේ නම්, ඔබගේ වීසා බලපත්‍රයේ ඔබගේ පින්තූරයේ පහළ දකුණු කෙළවරේ "IV DOCS in CCD" යනුවෙන් සටහන් කර ඇත.
ප්‍ර-3: මම සංක්‍රමණික වීසා ලබා ගත් සමහර පුද්ගලයින් දනිමි. ඔවුන් හට එක්සත් ජනපදයේ ඇතුළුවීමේ තොටුපළ වෙතට මුද්‍රා තබන ලද ලියුම් කවරයක් රැගෙන යාමට අවශ්‍ය විය. ඔවුන් සදහා මෙම ක්‍රියාවලිය වෙනස් වන්නේ ඇයි?
අ: ඇතැම් සංක්‍රමණ වීසා අයදුම්පත් ඉලෙක්ට්‍රොනික ලෙස සැකසීම 2018 දී ආරම්භ විය. සියලු වර්ග වල සංක්‍රමණික වීසා බලපත්‍ර ඉලෙක්ට්‍රොනික සැකසුම්කරණයට පරිවර්තනය කිරීමට වසර ගණනාවක් ගත වේ. ක්‍රියාවලිය සම්පූර්ණ වන තුරු, සමහර සංක්‍රමණ වීසා බලපත්‍ර හිමියන්ට මුද්‍රා තැබූ ලියුම් කවරයක බහාලන ලද ලියකියවිලි පැකට්ටුවක් එක්සත් ජනපදයේ ඇතුළුවීමේ තොටුපළ වෙතට රැගෙන යාමට සිදුවේ. මෙම පුද්ගලයින්ගේ වීසා බලපත්‍රවල දකුණු පහල කෙලවරේ "IV DOCS in CCD" සටහන අඩංගු නොවනු ඇත.
FAQ - අයදුම්පත් පැතිකඩ
Q.1. මාගේ මුර පදය යළි පිහිටුවන්නේ කෙසේද?
මෙම වෙබ් පිටුවේ අවසානයේ ඇති "Forgot Your Password" ලින්ක් එක ක්ලික් කරනන. පරිශීලක නම අවකාශයෙහි ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුලත් කර ඉදිරිපත් කරන්න. ඔබ විසින් ඇතුලත් කරන ලද විද්‍යුත් තැපැල් ලිපිනය, ඔබ ඔබේ වීසා ඉල්ලුම් පත්‍රය පටන් ගන්නා විට ඔබ භාවිතා කල විද්‍යුත් තැපැල් ලිපිනය සමග ගැලපිය යුතුය. නව මුර පදයක් ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යවනු ඇත. සටහන : ඔබගේ නව මුර පදය සමග ලැබෙන විද්‍යුත් තැපෑල no-reply@ustraveldocs.com වෙතින් ලැබෙනු ඇත. සමහර විද්‍යුත් තැපැල් යෙදීම් වල, නොදන්නා යවන්නන්ගේ තැපෑල්, ස්පෑම් හෝ නිසරු ලිපි ෆෝල්ඩරයට පෙරහන නීති ඇත. ඔබගේ විද්‍යුත් තැපෑල මගින් දැනුම්දීමක් ලැබී නොමැතිනම්, ඔබගේ ස්පෑම් හා නිසරු ෆෝල්ඩර තුල එම පණිවිඩය සොයා බලන්න.
Q.2. මා www.ustraveldocs.com හි මාගේ පැතිකඩ ලියාපදිංචි කිරීමෙන් පසුව තවත් රටකට සංක්‍රමණය වූයේ නම් සහ මාගේ වීසා බලපත්‍රය සදහා තවමත් ඉල්ලුම් කර නොමැතිනම්, හෝ මාගේ පෙර වීසා ඉල්ලුම් පත්‍රය වෙනුවට වෙනත් රටක සිට නව වීසා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කලයුතු නම් මා කුමක් කල යුතුද
එම රටද සේවා ලබාගන්නේ CGI මගින් නම්, ඔබ තවත් පැතිකඩක් නිර්මාණය කිරීමට අවශ්‍ය නැත. මෙම වෙබ් අඩවියේ ඇති අප හා සම්බන්ධවන්න කොටස හරහා ඔබට පහසුවෙන්ම අප හා සම්බන්ධ වී ඔබගේ විදේශ ගමන් බලපත්‍ර අංකය, UID හෝ විද්‍යුත් තැපල් ලිපිනය ලබාදීම මගින් ඔබ ඔබේ එක්සත් ජනපද වීසා බලපත්‍රය සදහා අයදුම් කිරීමට සැලසුම් කරන නව රට පිළිබදව ඔබේ පැතිකඩෙහි යාවත්කාලීන කල හැකිය.
ඔබ අයදුම් කරන්නේ CGI මගින් ආවරණය නොවන රටක සිට නම්, ඔබට නව පැතිකඩක් නිර්මාණය සදහා ආරාධනා කරනු ඇත.මතක තබාගැනීමට: එක් රටක් තුල ගෙවන MRV ගාස්තු රිසිට් අනෙක් රටට පැවරිය නොහැක.