ව්‍යාපාරික/සංචාරක වීසා බලපත්‍ර
මෙම පිටුව මත:
- සමාලෝචනය
- සුදුසුකම්
- අයදුම්පත්‍ර අයිතම
- අයදුම් කරන ආකාරය
- උපයෝගී ලේඛන
- වෛද්‍ය රැකවරණය සොයන අයදුම්කරුවන් සඳහා උපයෝගී ලේඛන
- ඉලෙක්ට්‍රොනික වීසා යාවත්කාලීන පද්ධතිය (EVUS)
- වැඩිමනත් තොරතුරු
සමාලෝචනය
B-1/B-2 ආගන්තුක වීසා බලපත්‍ර තාවකාලිකව, ව්‍යාපාර කටයුතු සඳහා (B-1) හෝ විනෝදාස්වාදය හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා (B-2) එක්සත් ජනපදය කරා සංචාරය කරන පුද්ගලයන් සඳහාය. සාමාන්‍යයෙන්, B-1 වීසා බලපත්‍රය ව්‍යාපාර ආශ්‍රිතයන් සමග උපදේශනයේ යෙදෙන, විද්‍යාත්මක, අධ්‍යාපනික, වෘත්තීය හෝ ව්‍යාපාරික සම්මුති/සම්මේලන සඳහා සහභාගි වන, වතුයායක් සකස් කරන හෝ ගිවිසුමක් සඳහා කේවල් කරන සංචාරකයන් උදෙසාය. B-2 වීසා බලපත්‍රය, සංචාරය, මිතුරන් හා ඥාතීන් කරා පිවිසීම, වෛද්‍ය ප්‍රතිකාර සහ සහෝදරාත්මක, සමාජ සහ සේවා ස්වභාවයේ ක්‍රියාකාරකම් ඇතුළුව, ස්වභාවයෙන් පුනර්වර්ධනාත්මක සංචාර උදෙසාය. නිතරම පාහේ, B-1 සහ B-2 වීසා බලපත්‍ර ඒකාබද්ධ කෙරෙන අතර එක් වීසා බලපත්‍රයක් ලෙස නිකුත් කරනු ලැබේ: B-1/B-2 වීසා බලපත්‍රය.
සුදුසුකම්
ඔබ B-1/B-2 වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ නම්, ඔබ එක්සත් ජනපද සංක්‍රමණ සහ ජාතිකත්ව පනතට අනුකූලව එක්සත් ජනපද වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලබන බව කොන්සියුලර් නිලධාරියා වෙත පැහැදිලි කර සිටිය යුතු වේ. සංක්‍රමණ සහ ජාතිකත්ව පනතේ 214(b) වගන්තිය සෑම B-1/B-2 වීසා බලපත්‍ර අයදුම්කරුවෙකුම අපේක්ෂිත සංක්‍රමණිකයෙකු බවට අනුමාන කරයි. ඔබ පහත දෑ පෙන්වා සිටිමින් මෙම නෛතික අනුමානය ඉක්මවා සිටිය යුතුය:
- එක්සත් ජනපදය කරා වන ඔබගේ ගමනෙහි අරමුණ ව්‍යපාරික, විනෝදාස්වාද, හෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වැනි තාවකාලික පිවිසුමක් බව
- ඔබ එක්සත් ජනදපය තුළ විශේෂිත, සීමාසහිත කාලයක් සඳහා රැඳී සිටීමට සැලසුම් කරන බව
- එක්සත් ජනපදය තුළ සිටින අතරතුර ඔබගේ වියදම් ආවරණය කර ගැනීමේ අරමුදල් පිළිබඳ සාක්ෂි
- ඔබ සතුව එක්සත් ජනපදයෙන් පිටත නේවාසිකභාවයක් ඇති බව, එමෙන්ම වෙනත් සමාජ හෝ ආර්ථික බැඳීම් ඇති බව, ඔබගේ සංචාරය අවසානයේ ආපසු වෙනත් රටකට යන බව සහතික කරන බව
පෞද්ගලික හෝ කුටුම්භ සේවානියුක්තියන් සහ පිටත මහාද්වීපික තටකය ඇතුලත විදේශීය නැව්වල සේවය කරන කාර්ය මණ්ඩල සාමාජිකයින් නිශ්චිත අවස්ථා යටතේ B-1 වීසා බලපත්‍ර සඳහා සුදුසුකම් ලැබිය හැකිය.
සංක්‍රමණ සහ ජාතිකත්ව පනතට අනුකූලව සමහර විදේශීය ජාතිකයන් වීසා බලපත්‍ර සඳහා නුසුදුසු විය හැකිය. ඔබට මෙහි දී සංක්‍රමණ සහ ජාතිකත්ව පනත ගැනත් වීසා බලපත්‍ර නුසුදුසුතා ගැනත් වැඩිදුර කියවිය හැකිය.
අයදුම්පත්‍ර අයිතම
ඔබ ව්‍යාපාරික/සංචාරක වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ නම්, පහත සඳහන් දෑ ඉදිරිපත් කළ යුතුවේ:
- සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර විද්‍යුත් අයදුම්පත්‍ර ආකෘතිය (DS-160) ක්. DS-160 පිළිබඳ වැඩිමනත් තොරතුරු සඳහා DS-160 වෙබ් පිටුව කරා පිවිසෙන්න.
- ඔබ එක්සත් ජනපදයේ රැඳී සිටීමට අදහස් කරන කාල පරිච්ඡෙදයට ඔබ්බෙන් යටත් පිරිසෙයින් හය මසක කාලයක්වත් ඇතුලත පිහිටි වලංගුතා දිනයක් සහිත එක්සත් ජනපදයට සංචාරය සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් (දේශානුගත විශේෂිත ගිවිසුම් මගින් නිදහස් කිරීම් සපයන්නේ නම් මිස). ඔබගේ විදේශ ගමන් බලපත්‍රය තුළ එක් අයෙකුට වැඩි ගණනක් පුද්ගලයන් ඇතුලත් කර ඇත්නම්, වීසා බලපත්‍රයක් අපේක්ෂා කරන එක් එක් අයෙක් අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය.
- පසුගිය හය මසක කාලය ඇතුලත ගන්නා ලද ඡායාරූපයක එක් පිටපතක් (1) 2"x2" (5cmx5cm). අවශ්‍ය කරන ඡායාරූප ආකෘතිය පිළිබඳ තොරතුරු මෙම වෙබ් පිටුවේ අඩංගු වේ.
- දේශීය මුදලින් ගෙවන ලද ආපසු ගෙවීමට යටත් නොවන සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර සැකසුම්කරණ ගාස්තුව වන එ. ජ. ඩොලර් 160 ක් ගෙවූ බවට පෙන්නුම් කරන ලදුපතක්. මෙම ගාස්තුව ගෙවීම පිළිබඳ වැඩිමනත් තොරතුරු මෙම වෙබ් පිටුවේ ඇත. වීසා බලපත්‍රයක් නිකුත් කරන ලද්දේ නම්, ඔබගේ ජාතිකත්වය අනුව යැපෙමින්, අතිරේක වීසා බලපත්‍ර නිකුතු පරිපූරක ගාස්තුවක් විය හැකිය. රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔබ වීසා බලපත්‍ර නිකුතු පරිපූරක ගාස්තුවකට යටත් ද යන්න සහ එසේ නම් ගෙවිය යුතු මුදල කොපමණද යන්න සොයා ගැනීමට උපකාර කරනු ඇත.
මෙම අයිතමවලට අමතරව, මෙම සේවාව හරහා ඔබ හමුවීමක් වෙන් කරවා ගන්නා ලද බවට සම්මුඛ පරීක්ෂණ හමුවීම් තහවුරුකරණ ලිපියක් ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම කොන්සියුලර් නිලධාරියාට සපයන ලද තොරතුරු සනාථ කිරීම සඳහා උපයෝගී වෙතැයි ඔබ විශ්වාස කරන කවර හෝ උපයෝගී ලේඛනයක් රැගෙන ඒමට ඔබට පුළුවන.
අයදුම් කරන ආකාරය
1 වන පියවර
සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර විද්‍යුත් අයදුම්පත්‍ර ආකෘතිය (DS-160) සම්පූර්ණ කරන්න.
2 වන පියවර
වීසා බලපත්‍ර අයදුම්පත්‍ර ගාස්තුව ගෙවන්න.
3 වන පියවර
මෙම වෙබ් පිටුව මත දී ඔබගේ හමුවීම උපලේඛනගත කරන්න. ඔබගේ හමුවීම උපලේඛනගත කරනු පිණිස ඔබට පහත සඳහන් තොරතුරු අවශ්‍ය වනු ඇත:
- ඔබගේ විදේශ ගමන් බලපත්‍ර අංකය
- ඔබගේ වීසා බලපත්‍ර ගාස්තු ලදුපතේ සඳහන් ලදුපත් අංකය (ඔබට මෙම අංකය සොයා ගැනීමේ දී උපකාර අවශ්‍ය නම් මෙහි ක්ලික් කරන්න.)
- ඔබගේ DS-160 තහවුරුකරණ පිටුවෙන් ගත් සංඛ්‍යාංක 10 කින් යුත් තීරුකේත අංකය
4 වන පියවර
ඔබගේ වීසා බලපත්‍ර සම්මුඛ පරීක්ෂණ දිනයේ නියමිත වේලාවේදී එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සියුලර් කාර්යාලය හමුවේ පෙනී සිටින්න. ඔබ විසින් ඔබගේ හමුවීම් තහවුරු ලිපියේ මුද්‍රිත පිටපතක්, ඔබගේ DS-160 තහවුරුකරණ පිටුව, පසුගිය හය මසක කාලය ඇතුලත ගන්නා ලද ඡායාරූපයක එක් පිටපතක් සහ ඔබගේ වර්තමාන හා පැරණි විදේශ ගමන් බලපත්‍ර රැගෙන ආ යුතුය. මෙම සියලුම අයිතම වලින් තොර අයදුම්පත්‍ර පිළිනොගැනෙනු ඇත.
උපයෝගී ලේඛන
උපයෝගී ලේඛන යනු ඔබගේ සම්මුඛ පරීක්ෂණයේදී කොන්සියුලර් නිලධාරියා විසින් සලකා බලනු ඇති බොහෝ සාධක අතුරින් එකක් පමණකි. කොන්සියුලර් නිලධාරීන් එක් එක් අයදුම්පතක් තනිව ගෙන ඒ දෙස බලන අතර විනිශ්චයේ දී වෘත්තීය, සමාජ, සංස්කෘතික සහ අනෙකුත් සාධක සලකා බලයි. කොන්සියුලර් නිලධාරීන් විසින් ඔබගේ සුවිශේෂ අදහස්, පවුල් තත්ත්වය, සහ ඔබගේ නේවාසික රට ඇතුලත දී ඔබගේ දීර්ඝ කාලීන සැලසුම් සහ අපේක්ෂිතයන් දෙස බලනු හැකිය. එක් එක් කාරණයක් තනි තනිව ගෙන පරීක්ෂා කෙරෙන අතර නීතිය යටතේ සෑම සලකා බැලීමක්ම අනුගමනය කෙරෙනු ඇත.
අවවාදය: සාවද්‍ය ලේඛන ඉදිරිපත් නොකරන්න. වංචාව හෝ සාවද්‍ය නියෝජනය නිසා ස්ථිර වීසා බලපත්‍ර නුසුදුසුතාවක් ප්‍රතිඵලය විය හැකිය. රහස්‍යභාවය සැලකීමට බඳුන් කාරණය වන්නේ නම්, අයදුම්කරු විසින් එක්සත් ජනපද තානාපති කාර්යාලයට හෝ කොන්සියුලර් කාර්යාලට පැමිණෙන විට එම ලේඛන මුද්‍රා තැබූ කවරයක බහා රැගෙන ආ යුතුය. එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සියුලර් කාර්යාලය මෙම තොරතුරු කවරෙකුට හෝ ලද හැකි වන පරිදි තැබීම නොකරනු ඇති අතර තොරතුරුවල රහස්‍යභාවයට ගරු කරනු ඇත.
ඔබ විසින් පහත සඳහන් ලේඛන ඔබගේ සම්මුඛ පරීක්ෂණයට රැගෙන ආ යුතුය. ලේඛනවල මුල් පිටපත් අගය අතින් සෑම විටම ඡායාස්ථ පිටපත් අභිබවා සිටින අතර සම්මුඛ පරීක්ෂණය සඳහා මෙම ලේඛන රැගෙන ආ යුතුය. කවර හෝ උපයෝගී ලේඛනයක් එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සියුලර් කාර්යාලය වෙත ෆැක්ස් කිරීම, ඊමේල් කිරීම, හෝ තැපැල් කිරීම නොකරන්න.
- වර්තමාන ආදායම, බදු ගෙවීම්, දේපල හෝ ව්‍යාපාර හිමිකාරීත්වය, හෝ වත්කම් වල සනාථ කිරීමේ සාධක.
- ඔබගේ සැරුම් මග සහ/හෝ ඔබගේ සැලසුම්ගත ගමන පිළිබඳ වෙනත් පැහැදිලි කිරීම්.
- ඔබගේ නිලය, වේතනය, ඔබ කොතෙක් කල් සේවානියුක්ත කරන්නේද යන වග, කිසියම් අවසර ලත් නිවාඩු, සහ (ඇත්නම්) ඔබගේ එක්සත් ජනපද ගමනේ ව්‍යාපාරික අරමුණ විස්තර කරන සේවායෝජකයා වෙතින් වන ලිපියක්.
- කොතැනක දී හෝ සිදුවුණු අත් අඩංගුවට පත්වීමක් හෝ දණ්ඩන පැනවීමක් සම්බන්ධයෙන් අදාළ වන්නා වූ අපරාධ/අධිකරණ වාර්තා, ඔබ ඔබට එරෙහි දඬුවම සම්පූර්ණ කර ඇති විට හෝ පසුව සමාවක් ලැබ ඇති විට දී පවා.
අතිරේකීව, ඔබගේ සංචාරයේ අරමුණ මත පදනම්ව, ඔබ පහත සඳහන් දෑ රැගෙන ඒම පිළිබඳව සලකා බැලිය යුතුය::
ශිෂ්‍යයන්
ඔබගේ මෑතම පාසැල් ප්‍රතිඵල, සහතික සහ උපාධි/ඩිප්ලෝමා ආදිය රැගෙන එන්න. එමෙන්ම මාසික බැංකු ප්‍රකාශන, ස්ථාවර තැන්පතු තුණ්ඩු, හෝ වෙනත් සාක්ෂි වැනි මූල්‍ය සහාය පිළිබඳ සාක්ෂි රැගෙන එන්න.
රැකියා නියුක්ත වැඩිහිටියන්
ඔබගේ සේවායෝජකයා වෙතින් සේවානියුක්ති ලිපියක් සහ වඩාත් ආසන්න මාස තුනක වේතන පත්‍රිකා රැගෙන එන්න.
ව්‍යාපාරිකයන් සහ සමාගම් අධ්‍යක්ෂවරුන්
සමාගමේ ඔබගේ නිලය සහ ප්‍රතිලාභ පිළිබඳ සාක්ෂි රැගෙන එන්න.
ඥාතියෙකු වෙත පිවිසීම
ඔබගේ ඥාතියාගේ තත්ත්වය (උදා: ග්‍රීන් කාඩ්, රටවැසිකම ප්‍රදානය කිරීම, වලංගු වීසා බලපත්‍රය, ආදී) පිළිබඳ සනාථ කිරීමේ ලියවිලිවල ඡායා පිටපත් රැගෙන එන්න.
එක්සත් ජනපදය කරා කළින් පැමිණි ආගන්තුකයන්
ඔබ එක්සත් ජනපදය තුළ කළින් සිටි අයෙකු වේ නම්, ඔබගේ සංක්‍රමණ හෝ වීසා බලපත්‍ර තත්ත්වය සහතික කරන කවර හෝ ලේඛන.
වෛද්‍ය රැකවරණය සොයන අයදුම්කරුවන් සඳහා උපයෝගී ලේඛන
වෛද්‍ය ප්‍රතිකාර සඳහා එක්සත් ජනපදයට සංචාරය කිරීමට ඔබ අපේක්ෂා කරන්නේ නම්, ඉහත ලැයිස්තුගත ලේඛන වලට අතිරේකීව සහ කොන්සියුලර් නිලධාරියාට අවශ්‍ය කරන පහත සඳහන් ලේඛන ඉදිරිපත් කිරීමට ඔබ සූදානමින් සිටිය යුතුය:
- ඔබ පෙළෙන ව්‍යාධිය පැහැදිලි කරන දේශීය වෛද්‍යවරයෙකුගෙන් ලබා ගත් වෛද්‍යමය රෝග නිශ්චයක් සහ ඔබට එක්සත් ජනපදයේ ප්‍රතිකාර අවශ්‍ය කිරීමට හේතුව.
- මෙම විශේෂිත ව්‍යාධියට ප්‍රතිකාර කිරීමට බලාපොරොත්තුව ප්‍රකාශ කරමින්, ව්‍යාපෘතියේ කාල දීර්ඝතාව සහ ප්‍රතිකාර පිරිවැය (වෛද්‍යවරයාගේ ගාස්තු, රෝහල්ගත කිරීමේ ගාස්තු, සහ සියලුම වෛද්‍යමය වියදම් ඇතුළුව) විස්තර කරමින් එක්සත් ජනපදයේ වෛද්‍යවරයෙකුගෙන් හෝ වෛද්‍ය පහසුකම් සපයන්නෙකු වෙතින් වන ලිපියක්.
- ඔබගේ ප්‍රවාහන වියදම, වෛද්‍ය ගාස්තු සහ ජීවන වියදම ගෙවන පුද්ගලයන් සහ සංවිධාන වෙතින් මූල්‍ය වගකීම පිළිබඳ ප්‍රකාශයක්. මෙම වියදම් ගෙවීමට ඇපවන පුද්ගලයන් විසින් එසේ කිරීමට තමන්ට ඇති හැකියාව පිළිබඳ සනාථ කිරීමේ සාධක සැපයිය යුතුවේ. නිතරම පාහේ ආදායම/ඉතුරුම් පිළිබඳ බැංකු හෝ අනෙකුත් ප්‍රකාශ ආදී පිළිවෙලින් හෝ ආදායම් බදු වාර්තාකරණ ආකෘතිවල සහතික පිටපත් වලින් මේවා පිළිගැනේ.
ඉලෙක්ට්‍රොනික වීසා යාවත්කාලීන පද්ධතිය (EVUS)
වීසා වලංගුභාවය දීර්ඝ කිරීම සඳහා එක්සත් ජනපදය සහ චීනය අතර අත්සන් කරන ලද ගිවිසුමට අනුව, 2016 නොවැම්බර් 29 වන දින සිට, මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ ගමන් බලපත්‍රවල අවුරුදු - 10 B1, B2 හෝ B1/B2 වීසා බලපත්‍ර සහිත චීන පුරවැසියන්ගේ ජීවදත්ත යාවත්කාලීන කිරීමට අවශ්‍ය වේ. ඔවුන්ගේ වීසා බලපත්‍ර අයදුම්පත්‍රයෙන් සෑම වසර දෙකකට වරක් වෙබ් අඩවියක් හරහා හෝ නව විදේශ ගමන් බලපත්‍රයක් හෝ B1, B2 හෝ B1/B2 වීසා බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසු ඔවුන්ගේ ජීවදත්ත සහ වෙනත් තොරතුරු යාවත්කාලින කිරීමේ මෙම යාන්ත්‍රණය / මාර්ගය EVUS - ඉලෙක්ට්‍රොනික වීසා යාවත්කාලීන පද්ධතිය ලෙස හැඳින්වේ.
EVUS වෙබ් අඩවිය www.EVUS.gov වෙබ් අඩවියට ඇතුළත් කර ගැනීම සඳහා දැන් මහජනයාට විවෘතය. ස්වදේශ ආරක්ෂක, රේගු සහ දේශසීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව (CBP) මේ අවස්ථාවේ EVUS බඳවා ගැනීම සඳහා ගාස්තුවක් අය නොකෙරේ. CBP විසින් EVUS බඳවා ගැනීමේ ගාස්තුවක් අවසානයේ ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කරන නමුත් තවම ඒ සඳහා කාල රාමුවක් නොමැත. ගාස්තුවක් ක්‍රියාත්මක කරන තුරු සංචාරකයින්ට ගාස්තු රහිතව EVUS සඳහා ලියාපදිංචි විය හැකිය. ස්වදේශ ආරක්ෂක, රේගු සහ දේශසීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව (CBP) වසර පුරා වීසා බලපත්‍රලාභීන්ට නව තොරතුරු පිළිබඳව දැනුම් දෙනු ඇත. වැඩි විස්තර සඳහා කරුණාකර www.cbp.gov/EVUS වෙබ් අඩවියට පිවිසෙන්න.
වැඩිමනත් තොරතුරු
ව්‍යාපාරික සහ සංචාරක වීසා බලපත්‍ර ගැන වැඩිමනත් තොරතුරු සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය කරා පිවිසෙන්න.