කුටුම්භ සේවානියුක්තික වීසා බලපත්‍රය

මෙම පිටුව මත:


සමාලෝචනය

එක්සත් ජනපදය කරා තම සේවායෝජකයා සමග පැමිණෙන හෝ අනුගාමී වන පෞද්ගලික හෝ කුටුම්භ සේවකයන් B-1 වීසා බලපත්‍ර සඳහා සුදුසුකම් ලබනු විය හැකිය. කුටුම්භ සේවානියුක්තියන්ගේ මෙම කාණ්ඩයට ඇතුලත් වන්නේ, එහෙත් මීට සීමා නොවී, අරක්කැමියන්, ගෘහ පරිපාලකයන්, රියැදුරන්, ගෘහ පාලිකාවන්, අතවැසියන්, දාසයන්, දාරක රැකවල්කාරියන්, මවගේ අත් උදව්කරුවන්, උද්‍යාන පාලකයන්, සහ වේතනීය සහචරයන් ය.

විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය නිලධාරියෙකු වන සේවානියුක්තිකයෙකු සමග පැමිණෙන හෝ අනුගාමී වන අය තම සේවාියෝජකයාගේ වීසා බලපත්‍ර තත්ත්වය මත යැපෙමින් A-3 හෝ G-5 වීසා බලපත්‍ර සඳහා සුදුසුකම් ලබනු විය හැකිය.

සුදුසුකම්

ඔබ B-1 වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන කුටුම්භ සේවානියුක්තිකයෙකු වේ නම්, පහත දෑ පැහැදිලි කර සිටිය යුතුය:

  • එක්සත් ජනපදයට ඇතුල් වීමේ ලා ඔබගේ ගමනේ අරමුණ කුටුම්භ සේවානියුක්තිකයෙකු ලෙස වැඩ කිරීම වන බව
  • ඔබ විශේෂිත, සීමාසහිත කාලයක් සඳහා පමණක් එක්සත් ජනපදයේ රැඳී සිටීමට සැලසුම් කරන බව
  • ඔබගේ සේවායෝජකයා විසින් නිශ්චිත සුදුසුකම් සපුරාලන බව
  • ඔබට එතෙර සමාජ හා ආර්ථික බැඳීම් මත බලපෑම් ඇති බවට සාක්ෂි පවතින බව
  • ඔබට එක්සත් ජනපදයෙන් බැහැර නේවාසිකභාවයක් පවතින බව මෙන්ම ඔබගේ ගිවිසුම අවසානයේ යළිත් මව්රටට යන බව තහවුරු කරන අනෙකුත් බන්ධනදායී සාධක පවතින බව.

සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර ධාරකයෙකු සමග පැමිණීම

ඔබ එක්සත් ජනපද පුරවැසියෙකු හෝ නීතිමය ස්ථිර නේවාසිකයෙකු නොවන සේවායෝජකයෙකු සමග පැමිණීමට හෝ අනුගාමී වීමට අපේක්ෂා කරන කුටුම්භ සේවානියුක්තිකයෙකු වන්නේ නම්, එක්සත් ජනපදයට ඇතුල් වීමේ අවසරය සොයන හෝ දැනටමත් B, E, F, H, I, J, L, M, O, P, Q, හෝ R සංක්‍රමණ නොවන වීසා බලපත්‍රයක් යටතේ එක්සත් ජනපදයේ සිටින්නෙකු නම්, ඉක්බිතිව ඔබ B-1 වීසා බලපත්‍ර වර්ගීකරණය සඳහා සුදුසුකම් ලබනු විය හැකිය, එහෙත්:

  • කළින් සේවායෝජකයන් වෙතින් වන ප්‍රකාශ මගින් සහතික කරන අන්දමට ඔබ යටත් පිරිසෙයින් එක් වර්ෂයකවත් පෞද්ගලික හෝ කුටුම්භ සේවානියුක්තිකයෙකුගේ පළපුරුද්ද ඇතිව සිටිය යුතුය
    • සේවායෝජකයා එක්සත් ජනපදය කරා පිවිසෙන දිනයට පෙරාතු එක් වර්ෂයක් සඳහා වත් ඔබ ඔබගේ සේවායෝජකයා යටතේ එක්සත් ජනපදයෙන් බැහැර ස්ථානයකදී සේවානියුක්තියේ සිට තිබිය යුතුය, නැතිනම්
    • ඔබගේ සේවායෝජකයාගේ අයදුම්පත්‍රයට කළින් ආසන්නතම අවස්ථාවක ඔබගේ සේවානියුක්තික-සේවායෝජක සම්බන්ධතාවය පැවති බව සහ ඔබගේ සේවායෝජකයා ඔහු හෝ ඇය අයදුම් පත්‍රය ඉදිරිපත් කරන අවස්ථාවට පූර්වයෙන් වූ වර්ෂවල නිතිපතා කුටුම්භ උපකාර පතා සේවානියුක්ත කරවීම (වර්ෂය පුරා හෝ කාලීනව) කළ බව පැහැදිලි කිරීමේ හැකියාව සහිතව සිටින බව
  • ඔබට වෙනත් රැකියාවක් නොමැති බව සහ සේවානියුක්ති ගිවිසුමේ නියමයන් මගින් දක්වන අන්දමට ඔබගේ සේවායෝජකයා වෙතින් නොමිලේ කාමර සහ නේවාසික පහසුකම්, සහ ගමන් ආවරිත ගුවන් ගාස්තු ලබනු ඇති බව

එක්සත් ජනපද පුරවැසියකු සමග පැමිණීම

a. කැටුව යන පෞද්ගලික,දේශීය සේවකයන් හෝ තාවකාලිකව ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය හිමි සේවායෝජකයන් සමග සම්බන්ධ වීමට සිටින අයගේ තෘප්තිමත්භාවය සදහා ඇමරිකා එක්සත් ජනපදය පහත සදහන් පහසුකම් සලසා දී ඇත.

(1) ඔහුට හෝ ඇයට රැකියාව අතහැර දැමීමට අරමුණක් ඇති නොවන ආකාරයට සේවකයාට එතෙර පදිංචිය සදහා නිවාස පහසුකම් සලසා දී ඇත.

(2) ඇමරිකා එක්සත් ජනපදයට සේවායෝජකයාගේ ඇතුලත් වීමට මාස 6කට පෙර පෞද්ගලික හෝ දේශීය සේවකයෙක් වශයෙන් සේවායෝජකයා විසින් සේවකයා එතෙර සේවයේ යොදවනු ලබීම හෝ සේවායෝජකයා නිතිපතා එතෙරදී දේශීය සේවකයන් සමාන ධාරිතාවයෙන් අයදුම්කරුවාගේ අදහස අනුව සේවයේ යොදවා ඇති බව පෙන්විය හැකියි.

(3) පෞද්ගලික හෝ දේශීය සේවකයෙක් වශයෙන් අවමය එක් අවුරුද්දක සේවා පලපුරුද්දක් ඇති බව පෙර සේවායෝජකයන්ගේ සහතික කිරීම අනුව ප්‍රකාශ ඉදිරිපත් කිරීම මගින් සේවකයාට පෙන්නුම් කල හැකිය.

(4) සේවකයා සතුව පවතින මුල් කොන්ත්‍රාත්තුව හෝ එහි පිටපතක් ඇතුලත් වීමේ පිවිසුමේදී ඉදිරිපත් කල යුතු අතර එය සේවායෝජකයාගේ හා සේවකයාගේ මුල් අත්සන සහිත විය යුතුය.

b. එක්සත් ජනපදයේ පුරවැසි සේවායෝජකයා රැකියාවේ කොන්දේසියක් ලෙස සේවායෝජකයාගේ පිරිස් කාර්යාලය මගින් තහවුරු කරන ලද පරිදි වසර 2ක් හෝ වැඩි නිරන්තර ජාත්‍යන්තර ස්ථාන මාරුවීම් වලට යටත් වන අතර එක්සත් ජනපදය වෙත නැවත පැමිණ රැදී සිටීම අවුරුදු 6කට නොවැඩි වේ.සේවායෝජකයා දේශීය සේවකයන් වෙත එකම දේශීය රැකියා සපයන්නා වන අතර රැකියා කොන්දේසි වලට අනුකූලව නොමිලේ කාමර පහසුකම් සහ යාමට සහ නැවත පැමිණීමට ගුවන් ටිකට්පත් ලබාදීමට බැදී සිටී.

c. මේ සදහා අවශ්‍ය රැකියා කොන්ත්‍රාත්තුව සේවකයා සහ සේවායෝජකයා යන පාර්ශව දෙක මගින්ම අත්සන් තබා දිනැති කර ඇති අතර ඉහත(b) කොටසේ අඩංගු කරුණු වලට අමතරව පැය අටක වැඩකරන දිනයකට සම්මත අවම හෝ පවතින යන දෙකෙන් වැඩි අගය වන්නාවූ වැටුපක් ලබා දීම සිදුකරනු ඇත.රැකියා කොන්ත්‍රාත්තුවේ සාමාන්‍යයෙන් රැකියා ප්‍රදේශයේදී එක්සත් ජනපද දේශීය සේවකයන් වෙත ලබා දෙන්නාවූ අනෙකුත් ප්‍රතිලාභ සදහන් විය යුතු වෙයි.රැකියාවෙන් ඉවත් කිරීමේ අභිප්‍රාය සේවායෝජකයා විසින් සේවකයා වෙත අවම වශයෙන් සති දෙකකට පෙර දැනුවත් කල යුතු වන අතර සේවාවෙන් ඉවත් වීමෙදී සේවකයා විසින් සති දෙකකට වඩා වැඩි කාලයකට පෙර දැනුවත් කිරීමක් අවශ්‍ය නොවේ.

එක්සත් ජනපද නීතිමය ස්ථිර නේවාසිකයෙකු සමග පැමිණීම

කවර හේතුවක් යටතේවත් B-1 වීසා බලපත්‍රයක් මත තම කුටුම්භ සේවකයන් එක්සත් ජනපදයට රැගෙන ඒමට එක්සත් ජනපද නීතිමය ස්ථිර නේවාසිකයන්ට (ග්‍රීන් කාඩ් ධාරකයන්) අවසර නොලැබේ.

B-1 වීසා බලපත්‍ර ධාරකයන් සඳහා ගිවිසුම් අවශ්‍යතා

B-1 වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන කුටුම්භ සේවකයෙකු ලෙස, ඔබ සහ ඔබගේ සේවායෝජකයා යන දෙදෙනාම අත්සන් කළ පහත සඳහන් කාරණා ඇතුලත් සේවානියුක්ති ගිවිසුමක් ඔබ විසින් ඉදිරිපත් කළ යුතුවේ:

  • එක්සත් ජනපදය තුළ ඔබගේ යුතුකම් පිළිබඳ විස්තරයක්
  • එක් එක් සතියේදී ඔබ කාර්ය නියුක්ත වනු ඇති පැය ගණන
  • වර්ෂයකට අදාළ අනුමත නිවාඩු දින, විවේක දින, සහ අසනීප නිවාඩු දින ගණන්
  • එක් එක් සතියේදී නිත්‍ය සේවා බැහැර දින ගණන
  • සේවා අනුයුක්ව සිටින මුළු පැය ගණන සඳහා ඔබ සේවානියුක්ත වනු ඇති ප්‍රාන්තයේ නීතියට (වඩා බලවත් වන්නේ කවරක්ද එය) අනුව පැයක වේතන අනුපාතය (එය යටත් පිරිසෙයින් බලපවත්වන හෝ අවම පැයක වේතනය විය යුතුය). එක්සත් ජනපදය පුරාවට වර්තමාන අවම වේතන මෙහි දී හමු වන අතර වර්තමානයේ බල පවත්වන වේතන මෙහි දී සොයාගත හැකි වනු ඇත
  • ඔබ නොමිලේ කාමර සහ නේවාසික පහසුකම් ලබනු ඇති බවට සහතිකයක්
  • ඔබගේ සේවායෝජකයා වෙනුවෙන් වැඩ කරන කාලය තුළ ඔබ පොදු පැවරුමක් බවට පත් නොවන බවට ඔබගේ සේවායෝජකයා විසින් තහවුරු කරන සහතිකයක්
  • ඔබගේ සේවායෝජකයා වෙනුවෙන් වැඩ කරන අතරතුර ඔබ වෙනත් රැකියාවක් පිළිනොගන්නා බවට සහතිකයක්
  • ඔබගේ සේවායෝජකයා විසින් ඔබගේ විදේශ ගමන් බලපත්‍රය රඳවා නොගනු ඇති බවට සහතිකයක්
  • ප්‍රතිලාභයකින් තොරව සේවා පරිශ්‍රය තුළ සේවා කාලයෙන් පසුව ඔබට රැඳී සිටීමට නොහැකි බවට දෙපාර්ශවය විසින් තේරුම්ගෙන සිටින බවට සහතිකයක්
  • ඔබගේ සේවායෝජකයා විසින් එක්සත් ජනපදය කරා වන ඔබගේ මූලික ගමන් වියදම් ගෙවනු ඇති බව සහ අනතුරුව ඉදිරියට පැමිණෙන සේවා පැවරුම් සඳහා සහ අන්තයේදී සාමාන්‍ය නේවාසික රට බලා යාමට අදාළ වියදම් ගෙවනු ඇති බවට සහතිකයක්.

A-1, A-2, හෝ G-1 - G-4 වීසා බලපත්‍ර ධාරකයෙකු (A-3 හෝ G-5 වීසා බලපත්‍ර) සමග පැමිණීම

ඔබ A-1 හෝ A-2 හෝ G-1 සිට G-4 දක්වා වර්ගීකරණයට යටත් යම් අයෙකුගේ සේවානියුක්තිකයෙකු වන උපස්ථායකයෙකු, සේවකයෙකු, හෝ පෞද්ගලික සේවකයෙකු වන්නේ නම්, ඉක්බිතිව ඔබ යෝග්‍ය A-3 හෝ G-5 වර්ගීකරණය සඳහා අයිතිය ලබන්නෙහිය. ඔබ විසින් A-3 හෝ G-5 වර්ගීකරණය සඳහා වන අයිතිය (උදා: පෙර සේවායෝජකයා වෙතින් වන යොමු ලිපිය, එම අංශයේ පෙර සේවානියුක්තිය පිළිබඳ සාක්ෂි, ආදිය) පැහැදිලි කළ යුතු වේ. කොන්සියුලර් නිලධාරීන් විසින් සේවායෝජකයාගේ නිල තත්ත්වය සහ පාර්ශ්ව දෙකම සේවානියුක්තික-සේවායෝජක සම්බන්ධතාවයකට ඇතුල්වීමට (සහ එතුළ සිටීමට) අදහස ස්ථාපනය කළ යුතුය. අතිරේකීව, රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ කුටුම්භ උදව්කරුවන් (A3) සහ අන්තර්ජාතික සංවිධාන සේවානියුක්තිකයන් (G5) විසින් පළමුවෙන් වීසා බලපත්‍රයකට අයදුම් කිරීමට පෙරාතුව, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ මෙහෙවර කළමනාකරණ තොරතුරු පද්ධති (TOMIS) කාර්යාලය සමග ලියාපදිංචියට පැමිණීම කළ යුතුය. TOMIS ලියාපදිංචිය පිළිබඳ විස්තර සඳහා, කරුණාකර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ මෙහෙවර කාර්යාලය හා සම්බන්ධ වන්න.

A-3 සහ G-5 වීසා බලපත්‍ර අයදුම්කරුවන් කොන්සියුලර් නිලධාරියෙකු විසින්කරන සම්මුඛ පරීක්ෂණයකට භාජනය විය යුතුය. එක් ව්‍යතිරේකයකට යටත්ව ඔවුන් විසින් සාමාන්‍ය අයදුම්පත්‍ර පරිපාටි අනුගමනය කළ යුතුය: A-3 සහ G-5 වීසා බලපත්‍ර අයදුම්කරුවන් වීසා බලපත්‍ර අයදුම්පත්‍ර ගාස්තුව නොගෙවන්නේය.

කොන්සියුලර් නිලධාරියා විසින් A-3 හෝ G-5 අයදුම්කරු ලබන්නට යන වේතනය එම සේවානියුක්ති ක්ෂේත්‍රය තුළ පිරිනමන සංසන්දනීය සාධාරණ වේතනයක් වන බවට සහ සැලකිල්ලට බඳුන් වන පොදු අයකිරීම් පිරිමැසීමට ප්‍රමාණවත් වේතනයක් වන බවට ස්වයං සෑහීමකට පත් විය යුතුය. එවැනි වීසා බලපත්‍ර සඳහා අයදුම්කරුවන් විසින් සේවායෝජකයා සහ සේවානියුක්තිකයා විසින් අත්සන් කළ සේවානියුක්ති ගිවිසුම ඇතුලත් කළ යුතුය.

A-3/G-5 වීසා බලපත්‍ර ධාරකයන් සඳහා ගිවිසුම් අවශ්‍යතා

A-3 හෝ G-5 වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන කුටුම්භ සේවකයෙකු ලෙස, ඔබ සහ ඔබගේ සේවායෝජකයා යන දෙදෙනාම අත්සන් කළ පහත සඳහන් කාරණා ඇතුලත් සේවානියුක්ති ගිවිසුමක් ඔබ විසින් ඉදිරිපත් කළ යුතුවේ:

  • ඔබ වෙනුවෙන් ප්‍රාන්ත හෝ සමූහාණ්ඩු අවම හෝ බලපවත්වන වේතනයේ, වඩා වැඩි වන්නේ කවරක්ද ඒ අනුව, පාඩු පිරිමැසෙනු ඇති බවට ඇපවීමක්. එක්සත් ජනපදය පුරාවට වර්තමාන අවම වේතන මෙහි දී හමු වන අතර වර්තමානයේ බල පවත්වන වේතන මෙහි දී සොයාගත හැකි වනු ඇත
  • සේවානියුක්තියේ පළමු දින 90 ට පසුව, සියලුම වේතන ගෙවීම් චෙක්පතක් හෝ ඔබගේ බැංකු ගිණුමට බැරට කෙරෙන විද්‍යුත් මාරුවක් මගින් විය යුතු බවට ප්‍රකාශයක්. ඔබගේ සේවායෝජකයා හෝ ඔහුගේ/ඇයගේ පවුලේ සාමාජිකයන් ඔබගේ බැංකු ගිණුම්වලට ප්‍රවේශය ඇතිව නොසිටිය යුතුය.
  • සේවායෝජකයා විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන අවස්ථාවේදී, සමග වසන කුටුම්භ උදව්කරුවන්, බලපවත්වන පරිචය යටතේ, ඔවුන්ගේ වේතනට අතිරේකව නොමිලේ කාමර සහ නේවාසික පහසුකම් ලබන්නේය
  • ඔබගේ සේවායෝජකයා වෙනුවෙන් වැඩ කරන අතරතුර දී වෙනත් සේවානියුක්තියක් පිළි නොගන්නා බවට ඔබගේ පොරොන්දුවක්
  • ඔබගේ විදේශ ගමන් බලපත්‍රය රඳවා නොගන්නා බවට ඔබගේ සේවායෝජකයා දෙන පොරොන්දුවක් සහ ප්‍රතිලාභයකින් තොරව සේවා පරිශ්‍රය තුළ සේවා කාලයෙන් පසුව ඔබට රැඳී සිටීමට නොහැකි බවට දෙපාර්ශවය විසින් තේරුම්ගෙන සිටින බවට ප්‍රකාශයක්
  • එතුළ ඔබට පෞද්ගලිකව නිශ්චිත සේවානියුක්තියක් සහ මානව අයිතිවාසිකම් රැකවරණය සෙවිය හැකි රාමුවක් සපයන ගිවිසුම ක්‍රියාවලිය තුළ අත්‍යවශ්‍ය දෙයක් වේ. ඔබගේ සේවායෝජකයා විසින් එක්සත් ජනපදය කරා වන ඔබගේ මූලික ගමන් වියදම් ගෙවනු ලැබිය යුතු අතර ඉදිරියට පැමිණෙන සේවා පැවරුම් සඳහා සහ පැවරුම් අන්තයේදී සාමාන්‍ය නේවාසික රට බලා යාමට අදාළ වියදම් ගෙවිය යුතුය.

අයදුම්පත්‍ර අයිතම

B-1, A-3 හෝ G-5 වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට, ඔබ පහත සඳහන් දෑ ඉදිරිපත් කළ යුතුය:

  • සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර විද්‍යුත් අයදුම්පත්‍ර ආකෘතිය (DS-160) ක්. DS-160 පිළිබඳ වැඩිමනත් තොරතුරු සඳහා DS-160 වෙබ් පිටුව කරා පිවිසෙන්න.
  • ඔබ එක්සත් ජනපදයේ රැඳී සිටීමට අදහස් කරන කාල පරිච්ඡෙදයට ඔබ්බෙන් යටත් පිරිසෙයින් හය මසක කාලයක්වත් ඇතුලත පිහිටි වලංගුතා දිනයක් සහිත එක්සත් ජනපදයට සංචාරය සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් (දේශානුගත විශේෂිත ගිවිසුම් මගින් නිදහස් කිරීම් සපයන්නේ නම් මිස). ඔබගේ විදේශ ගමන් බලපත්‍රය තුළ එක් අයෙකුට වැඩි ගණනක් පුද්ගලයන් ඇතුලත් කර ඇත්නම්, වීසා බලපත්‍රයක් අපේක්ෂා කරන එක් එක් අයෙක් අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය.
  • පසුගිය හය මසක කාලය ඇතුලත ගන්නා ලද ඡායාරූපයක එක් පිටපතක් (1) 2"x2" (5cmx5cm). අවශ්‍ය කරන ඡායාරූප ආකෘතිය පිළිබඳ තොරතුරු මෙම වෙබ් පිටුවේ අඩංගු වේ.
  • B-1 අයදුම්කරුවන් සඳහා පමණයි: දේශීය මුදලින් ගෙවන ලද ආපසු ගෙවීමට යටත් නොවන සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර සැකසුම්කරණ ගාස්තුව වන එ. ජ. ක් ගෙවූ බවට පෙන්නුම් කරන ලදුපතක්. මෙම ගාස්තුව ගෙවීම පිළිබඳ වැඩිමනත් තොරතුරු මෙම වෙබ් පිටුවේ ඇත. වීසා බලපත්‍රයක් නිකුත් කරන ලද්දේ නම්, ඔබගේ ජාතිකත්වය අනුව යැපෙමින්, අතිරේක වීසා බලපත්‍ර නිකුතු පරිපූරක ගාස්තුවක් විය හැකිය. රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔබ වීසා බලපත්‍ර නිකුතු පරිපූරක ගාස්තුවකට යටත් ද යන්න සහ එසේ නම් ගෙවිය යුතු මුදල කොපමණද යන්න සොයා ගැනීමට උපකාර කරනු ඇත.
  • ඔබගේ සේවායෝජකයාගේ වීසා බලපත්‍රයෙහි හෝ ඔවුන් විසින් එක්සත් ජනපදයට ඇතුල්වීමට භාවිත කරන වෙනත් විධික්‍රමයක (ඔවුන්ගේ වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ සහභාගිත්ව රටක විදේශ ගමන් බලපත්‍රය හෝ එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍රය) පිටපතක්
  • ඔබ සහ සේවායෝජකයා යන පාර්ශ්ව දෙකම අත්සන් කළ ඉහත ලැයිස්තුගත සියලුම අවශ්‍යතා සපුරාලන සේවානියුක්ති ගිවිසුමක්
  • A-3 සහ G-5 අයදුම්කරුවන් සඳහා පමණයි: මූලිකයාගේ සේවානියුක්ති තත්ත්වය, පිටවීමේ දිනය, ගමනේ අරමුණ සහ එක්සත් ජනපදය තුළ රැඳී සිටින කාලයේ දීර්ඝතාව තහවුරු කරමින් සටහනක්. එම සටහනෙහි සේවානියුක්තිකයාගේ නම ලැයිස්තුගතව තිබිය යුතු අතර සේවායෝජකයාගේ නිලය සහ නිල තත්ත්වය දෙනු ලැබිය යුතුය. එමෙන්ම එමගින් පිටවීමේ දිනය, සහ ගමනේ අරමුණ සහ එක්සත් ජනපදය තුළ රැඳී සිටින කාලයේ දීර්ඝතාව විශේෂණය කර තිබිය යුතුය. A-3 සහ G-5 අයදුම්කරුවන් අයදුම්පත්‍ර ගාස්තු ගෙවීම අවශ්‍ය නොවේ.

මෙම අයිතමවලට අමතරව, මෙම සේවාව හරහා ඔබ හමුවීමක් වෙන් කරවා ගන්නා ලද බවට සම්මුඛ පරීක්ෂණ හමුවීම් තහවුරුකරණ ලිපියක් ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම කොන්සියුලර් නිලධාරියාට සපයන ලද තොරතුරු සනාථ කිරීම සඳහා උපයෝගී වෙතැයි ඔබ විශ්වාස කරන කවර හෝ උපයෝගී ලේඛනයක් රැගෙන ඒමට ඔබට පුළුවන.

අයදුම් කරන ආකාරය

1 වන පියවර

සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර විද්‍යුත් අයදුම්පත්‍ර ආකෘතිය (DS-160) සම්පූර්ණ කරන්න.

2 වන පියවර

වීසා බලපත්‍ර අයදුම්පත්‍ර ගාස්තුව ගෙවන්න.

3 වන පියවර

මෙම වෙබ් පිටුව මත දී ඔබගේ හමුවීම උපලේඛනගත කරන්න. ඔබගේ හමුවීම උපලේඛනගත කරනු පිණිස ඔබට පහත සඳහන් තොරතුරු අවශ්‍ය වනු ඇත:

  • ඔබගේ විදේශ ගමන් බලපත්‍ර අංකය
  • ඔබගේ වීසා බලපත්‍ර ගාස්තු ලදුපතේ සඳහන් ලදුපත් අංකය (ඔබට මෙම අංකය සොයා ගැනීමේ දී උපකාර අවශ්‍ය නම් මෙහි ක්ලික් කරන්න.)
  • ඔබගේ DS-160 තහවුරුකරණ පිටුවෙන් ගත් සංඛ්‍යාංක 10 කින් යුත් තීරුකේත අංකය
4 වන පියවර

ඔබගේ වීසා බලපත්‍ර සම්මුඛ පරීක්ෂණ දිනයේ නියමිත වේලාවේදී එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සියුලර් කාර්යාලය හමුවේ පෙනී සිටින්න. ඔබ විසින් ඔබගේ හමුවීම් තහවුරු ලිපියේ මුද්‍රිත පිටපතක්, ඔබගේ DS-160 තහවුරුකරණ පිටුව, පසුගිය හය මසක කාලය ඇතුලත ගන්නා ලද ඡායාරූපයක එක් පිටපතක් සහ ඔබගේ වර්තමාන හා පැරණි විදේශ ගමන් බලපත්‍ර රැගෙන ආ යුතුය. මෙම සියලුම අයිතම වලින් තොර අයදුම්පත්‍ර පිළිනොගැනෙනු ඇත.

උපයෝගී ලේඛන

උපයෝගී ලේඛන යනු ඔබගේ සම්මුඛ පරීක්ෂණයේදී කොන්සියුලර් නිලධාරියා විසින් සලකා බලනු ඇති බොහෝ සාධක අතුරින් එකක් පමණකි. කොන්සියුලර් නිලධාරීන් එක් එක් අයදුම්පතක් තනිව ගෙන ඒ දෙස බලන අතර විනිශ්චයේ දී වෘත්තීය, සමාජ, සංස්කෘතික සහ අනෙකුත් සාධක සලකා බලයි. කොන්සියුලර් නිලධාරීන් විසින් ඔබගේ සුවිශේෂ අදහස්, පවුල් තත්ත්වය, සහ ඔබගේ නේවාසික රට ඇතුලත දී ඔබගේ දීර්ඝ කාලීන සැලසුම් සහ අපේක්ෂිතයන් දෙස බලනු හැකිය. එක් එක් කාරණයක් තනි තනිව ගෙන පරීක්ෂා කෙරෙන අතර නීතිය යටතේ සෑම සලකා බැලීමක්ම අනුගමනය කෙරෙනු ඇත.

අවවාදය: සාවද්‍ය ලේඛන ඉදිරිපත් නොකරන්න. වංචාව හෝ සාවද්‍ය නියෝජනය නිසා ස්ථිර වීසා බලපත්‍ර නුසුදුසුතාවක් ප්‍රතිඵලය විය හැකිය. රහස්‍යභාවය සැලකීමට බඳුන් කාරණය වන්නේ නම්, ඔබ එක්සත් ජනපද තානාපති කාර්යාලයට හෝ කොන්සියුලර් කාර්යාලට පැමිණෙන විට එම ලේඛන මුද්‍රා තැබූ කවරයක බහා රැගෙන ආ යුතුය. එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සියුලර් කාර්යාලය මෙම තොරතුරු කවරෙකුට හෝ ලද හැකි වන පරිදි තැබීම නොකරනු ඇති අතර ඔබේ තොරතුරුවල රහස්‍යභාවයට ගරු කරනු ඇත.

ඔබ ඔබගේ සම්මුඛ පරීක්ෂණයට පහත සඳහන් ලේඛන රැගෙන ආ යුතු වේ:

  • පොරොන්දු වූ වේතනය ගෙවීමට ඔබගේ සේවායෝජකයාට හැකියාව ඇති බව පෙන්වන සනාථ ලියවිලි. සටහන: ඔබ A-3 හෝ G-5 වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ නම්, ඔබගේ සේවායෝජකයා උපදේශක හෝ පහළ මට්ටමක රාජ්‍ය තාන්ත්‍රික ශ්‍රේණියක් දරන්නේ නම් පමණක් අදාළ වේ.
  • ඔබගේ එක්සත් ජනපදයේ රැඳී සිටීම තාවකාලික වනු ඇති බවට ස්ථාපනය කරන සාක්ෂි.
  • වැඩිමනත් තොරතුරු සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය කරා පිවිසෙන්න.

වැඩිමනත් තොරතුරු

A-3, B-1, සහ G-5 වීසා බලපත්‍ර පිළිබඳ වැඩිමනත් තොරතුරු සඳහා, රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය කරා පිවිසෙන්න.