වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන

මෙම පිටුව මත:


සමාලෝචනය

වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන නිශ්චිත රටවල ජාතිකයන් වීසා බලපත්‍රයක් ලබා ගැනීමෙන් තොරව සංචාරක හෝ ව්‍යාපාරික කටයුත්තක් සඳහා (ආගන්තුක වීසා බලපත්‍ර අරමුණු) එක්සත් ජනපදයට සංචාරය කිරීම සහ දින 90 ක් හෝ අඩු කාලයක් රැඳී සිටීම සබල කරයි. සියලුම රටවල් වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහනට සහභාගි නොවන සේම එම රටවල සියලුම සංචාරකයන් වැඩ සටහන භාවිත කිරීමට සුදුසුකම් නොලබයි. වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන යටතේ එන සංචාරකයන් සංචාර අවසර ප්‍රදාන විද්‍යුත් පද්ධතිය (ESTA) මාර්ගයෙන් අයදුම් කිරීමට අවශ්‍ය වන අතර ඔවුන් එක්සත් ජනපදයට පිවිසුම් තොටුපළ ලෙස භාවිත කරන ස්ථානයේ තිරගත කෙරෙන, අභ්‍යන්තර ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ OBIM වැඩ සටහන තුළින් ඇතුලත් කර ගැනේ.

*සාමාජික රටවල්
අයර්ලන්තය
අයිස්ලන්තය
ඇන්ඩෝරා
බඉතාලිය
එක්සත් රාජධානිය
චඑස්තෝනියාව
ඔස්ට්රියාව
ඕස්ට්රේලියාව
කොරියානු ජනරජය
ක්රොඒෂියාව
ග්රීසිය
චිලී
චෙක් ජනරජය
ජපානය
ජර්මනිය
ඩෙන්මාර්කය
තායිවානය
නවසීලන්තය
නෙදර්ලන්තය
ලනෝර්වේ
ලපෘතුගාලය
පෝලන්තය
ප්රංශය
බෙල්ජියම
බෲනායි
මොනාකෝ
මෝල්ටා
ලක්සම්බර්ග්
ලැට්වියාව
ලිච්ටෙන්ස්ටයින්
පලිතුවේනියාව
සැන් මරිනෝ
සිංගප්පූරුව
ස්පාඤ්ඤය
ස්ලෝවැකියාව
ස්ලෝවේනියාව
ස්විට්සර්ලන්තය
ස්වීඩනය
ෆින්ලන්තය
හංගේරියාව

සාමාජික රටවල ජාතිකයන්ට දින 90 ක් හෝ ඊට අඩු කාලයක් සඳහා සංචාරක හෝ ව්‍යාපාරික සංචාර වෙනුවෙන් වීසා බලපත්‍රයක් රහිතව එහෙත් පහත ආවශ්‍යකතාවන් සපුරා ඇතොත් සංචාරයේ යෙදිය හැකි වේ:

  • සංගෘහිත චිපයක් සහිත විදේශ ගමන් බලපත්‍රයක සන්තකය දරයි (ඉ-විදේශ ගමන් බලපත්‍රය);
  • සංචාර අවසර ප්‍රදාන විද්‍යුත් පද්ධතිය මාර්ගයෙන් විද්‍යුත් මාර්ගගතව ලියාපදිංචි වෙයි; සහ,
  • පහත සඳහන් සම්මත වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන් කොන්දේසි සපුරාලයි.

කැනඩාව, මෙක්සිකෝ, බර්මියුඩා හී බ්‍රිතාන්‍ය විදේශ පුරවැසියන් සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සංචාරක වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

* මෙම පිටුවේ “රට“ හෝ “රටවල්“ යනුවෙන් දැක්වෙන සඳහන් සම්බන්ධයෙන්, 1979 තායිවාන් සම්බන්ධතා පනත, ප්‍රකා. අව. අංකය 96 – 8. 4(ආ)(1) කොටස, එක්සත් ජනපදයේ නීති මගින් විදේශ රටවල්, ජාතීන්, ප්‍රාන්ත, රජයන්, හෝ සමානාකාරයේ පැවැත්ම පිළිබඳ සඳහන් කරන විටදී හෝ සම්බන්ධයෙන් වන විටදී මිස, එවැනි පද, එවැනි නීති තායිවානය සම්බන්ධයෙන් අදාළ වනු ඇති බව අදහස් කරනු ලැබිය යුතුය. ”  22 U.S.C. § 3303(b)(1).  ඒ අනුව, වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන ව්‍යවස්ථාවේ සංක්‍රමණ සහ ජාතිකත්ව පනත 8 U.S.C. 1187 හී 217 කොටසේ “රට“ හෝ “රටවල්“ යනුවෙන් වන සියලුම සඳහන්, තායිවානය ඇතුලත් වන සේ ගෙන කියවිය යුතුය. මෙය 1979 සිට එක්සත් ජනපදය තායිවානය සමග නිල නොවන සම්බන්ධතා නඩත්තු කළ එක්සත් ජනපදයේ එක් චීනයක් ප්‍රතිපත්තිය සමග සංගත වේ.

සුදුසුකම්

වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන මත එක්සත් ජනපදයට ඇතුල් වීමට, සංචාරකයන්:

  • ඉහතින් ලැයිස්තුගත කළ රටවල් අතරින් එකක පුරවැසියකු විය යුතු අතර වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන හා අනුකූල වන විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තිබිය යුතුය;
  • ESTA අවසරයක් හිමිකර ගෙන සිටිය යුතුය;
  • දින 90 ක් හෝ ඊට අඩු කාලයක් එක්සත් ජනපදය තුළ රැඳී සිටිය යුතුය; සහ,
  • සංචාරයට සැලසුම් කළ යුත්තේ: අ. ව්‍යාපාරික - ඔබගේ සැලසුම්ගත සංචාරයේ අරමුණ ව්‍යාපාරික ආශ්‍රිතයන් ගේ උපදේශනය ලබා ගැනීම: විද්‍යාත්මක, අධ්‍යාපනික, වෘත්තීය හෝ ව්‍යාපාරික සම්මුති, හෝ විශේෂිත දිනවලදී පැවැත්වෙන සම්මේලන; වතුයායක් බේරුම් කිරීම; හෝ ගිවිසුමක් කේවල් කිරීම.ආ. විනෝදාස්වාදය/සංචාරය - ඔබගේ සැලසුම්ගත සංචාරයේ අරමුණ සංචාරක ව්‍යාපාරය, නිවාඩු ගත කිරීම (නිවාඩු දින), හාස්‍යෝත්පාදක, මිතුරන් හෝ නෑයන් සමග සංචාර, විවේකය, වෛද්‍ය ප්‍රතිකාර, සහෝදරාත්මක ක්‍රියාකාරකම්, සමාජ, හෝ සේවා ස්වභාවය; සහ ආධුනික ස්වභාවයේ සහභාගිත්වය, පාරිතෝෂික නොලබා සේවය කිරීම, සංගීතමය, ක්‍රීඩා සහ සමානාකාරයේ ඉසව් හෝ තරඟ ඇතුළුව ස්වභාවයෙන් පුනර්වර්ධනාත්මක වන අවස්ථා. ඇ. සංක්‍රාන්ති - ඔබ එක්සත් ජනපදය හරහා සංචාරය කරන්නේ නම්.

සහ ගුවන් මගින් හෝ මුහුදු මාර්ගයෙන් එක්සත් ජනපදයට ඇතුල් වන්නේ නම්:

  • යළි පැමිණීමේ හෝ ඉදිරි ප්‍රවේශපතක් දරා සිටින්න. විද්‍යුත් ප්‍රවේශපතක් මත සංචාරය කරන්නේ නම්, සැරුම් මගේ පිටපතක් සංක්‍රමණ පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ආ යුතුය. ඉදිරි ප්‍රවේශපත් සමග එන මෙක්සිකෝව, කැනඩාව, බර්මියුඩා හෝ කැරිබියන් දූපත් ගමනාන්තයන් දක්වා යන සංචාරකයන් මෙම ප්‍රදේශවල නෛතික නේවාසිකයන් විය යුතුය.
  • වැඩ සටහනට සහභාගි වීමට එකඟ වූ ගුවන් හෝ මුහුදු යානයක ආධාරයෙන් එක්සත් ජනපදයට ඇතුල් වන්න. වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන යටතේ මගීන් ප්‍රවාහනය කිරීමට දේශීය ආරක්ෂණ දෙපාර්තමේන්තුව සමග ගිවිසුමකට ඇතුල් වී සිටින එක්සත් ජනපද සංස්ථාවක ගුවන් යානයක් ද ඇතුලත් වේ.

කැනඩාව හෝ මෙක්සිකෝව වෙතින් භූමියෙන් ඇතුල් වන්නේ නම්, ලේඛන ආවශ්‍යකතා එකම ආකාරයේ වෙයි, ව්‍යතිරේකය වන්නේ වට-සංචාර ප්‍රවේශපත් සහ ගිවිසුම්ගත ප්‍රවාහකයන් අවශ්‍ය නොවීමත්ය. රැඳීම අතරතුර සහ එක්සත් ජනපදය හැරයාමේදී ඔබගේ සහාය පිණිස ඔබ සතුව අරමුදල් ඇති බවට ඔබ පරීක්ෂක නිලධාරියා සෑහීමට පත් කළ යුතුවේ.

සංචාර අවසර ප්‍රදාන විද්‍යුත් පද්ධතිය (ESTA)

ව්‍යාපාරික හෝ විනෝදාස්වාද අවස්ථා සඳහා තාවකාලිකව එක්සත් ජනපදයට සංචාරය කිරීමට සැලසුම් කරන වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහනේ රටවල සියලුම ජාතිකයන් හෝ පුරවැසියන්ට වැඩ සටහන යටතේ එක්සත් ජනපදයට ගුවනින් හෝ මුහුදින් සංචාරය සඳහා යානයකට ගොඩවීමට පෙරාතුව සංචාර අවසර ප්රදාන විද්යුත් පද්ධතිය මගින් අනුමත අවසරයක් අවශ්‍ය වේ.

විදේශ ගමන් බලපත්‍ර ආවශ්‍යකතා

2016 අප්‍රේල් මස 1 වන දින වන විට වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් වැඩසටහන හරහා එක්සත් ජනපදයට සංචාරය කිරීමට හැකි අය සතුව වලංගු විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් තිබිය යුතුය. මෙම නීතිය, වලංගු සංචාර අවසර ප්‍රදාන විද්‍යුත් පද්ධතිය (ESTA) අතැති අයටද අදාල වේ. විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර කවර වල මෙම සංකේතය ඇත.

මීට අමතරව, 2011 මාර්තු 1 වන දින හෝ ඊට පසුව ඉරාකය, ඉරානය, උතුරු කොරියාව, සිරියාව, සුඩානය, ලිබියාව, සෝමාලියාව සහ / හෝ යේමනයට සංචාරය කළ හෝ පැමිණ සිටින VWP රටවල ජාතිකයින්ට තවදුරටත් සංචාරය කිරීමට හෝ රැඳී සිටීම සුදුසුකම් නොමැත. VWP යටතේ එක්සත් ජනපදයට ඇතුළත්, VWP රටවල් සහ ඉරාකය, ඉරානය, උතුරු කොරියාව, සිරියාව සහ සුඩානය යන රටවල ද්විත්ව ජාතිකයින් තවදුරටත් VWP යටතේ එක්සත් ජනපදයට සංචාරය කිරීමට හෝ රැඳී සිටීමට සුදුසුකම් නොලබයි.

මෙම සීමා කිරීම්, VWP රටක සන්නද්ධ හමුදා සේවය ඉටු කිරීම පිණිස එම රටවල සිටි, හෝ VWP රටක රජයට පූර්ණ කාලීන සේවකයෙකු ලෙස නිල රාජකාරි කටයුතු කරගෙන යාම පිණිස එම රටවල සිටි VWP සංචාරකයන්ට අදාල නොවේ.

එක්සත් ජනපදයේ නීතිය බලාත්මක කිරීමේ හෝ ජාතික ආරක්ෂාව පිණිස මෙම VWP සීමා කිරීම් ඉවත්කිරීමට ස්වදේශ ආරක්ෂක ලේකම් නිෂ්චය කිරීමට හැකියාවක් ඇත. එම ඉවත් කිරීම් සිදුකරනු ලබන්නේ වෙන් වෙන් පදනම මත වේ. පොදු කාරණයක් ලෙස, ඉවත් කිරීමකට සුදුසුකම් ලබන සංචාරකයන් වර්ග සදහා ඇතුලත් වන්නේ:

  • රාජකාරියේ යෙදී සිටින ජාත්‍යන්තර සංවිධාන, කලාපීය සංවිධාන හෝ උප ජාතික ආණ්ඩු වෙනුවෙන් ඉරාකය, ඉරානය, උතුරු කොරියාව, සිරියාව, සුඩානය, ලිබියාව, සෝමාලියාව සහ / හෝ යේමනය යන රටවල සංචාරය කළ පුද්ගලයින්;
  • මානුෂීය රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් ඉරාකය, ඉරානය, උතුරු කොරියාව, සිරියාව, සුඩානය, ලිබියාව, සෝමාලියාව සහ / හෝ යේමනය යන රටවල සංචාරය කළ පුද්ගලයින්; සහ
  • වාර්තාකරණ අරමුණු සඳහා මාධ්‍යවේදියෙකු ලෙස ඉරාකය, ඉරානය, උතුරු කොරියාව, සිරියාව, සුඩානය, ලිබියාව, සෝමාලියාව සහ / හෝ යේමනය යන රටවල සංචාරය කළ පුද්ගලයින්.
  • ක්‍රියාකාරී ඒකාබද්ධ විස්තීරණ සැලැස්ම (ජුලි 14, 2015) අවසානයෙහි නීත්‍යානුකූල ව්‍යාපාර සම්බන්ධිත කාර්යන් සදහා ඉරානයට ගමන් කල පුද්ගලයින් ; සහ
  • නීත්‍යානුකූල ව්‍යාපාර හා සම්බන්ධ කටයුතු සදහා ඉරාකයට ගමන් කර ඇති පුද්ගලයින්.

යාවත්කාලීන කල ESTA අයදුම් පත ලබාගත හැක. පනතේ ඇති ගමන් සුදුසුකම් අවශ්‍යතාවයන් සපුරාගැනීම සදහා අමතර ප්‍රශ්ණ, නව ආකෘතියෙහි ඇතුලත් වේ. ESTA බලාපොරොත්තු වන සංචාරකයන් සදහා අප වැඩිදියුණු කල පද්ධතිය භාවිතා කිරීමට දිරිමත් කරන අතර, එය ඉවත් කිරීමක් ප්‍රදානය කිරීමට තනි තීරණ ගැනීමේදී සහය වනු ඇත. ඉවත්කිරීමක් සදහා වෙනම කිසිදු අයදුම්පතක් නොමැත. 

වත්මන් ESTA හිමියන් ගමන් කිරීමට පෙර  ඔවුන්ගේ ESTA තත්වය CBP හි වෙබ් අඩවියේ, https://esta.cbp.dhs.gov/esta/.

විදේශ ගමන් බලපත්‍ර වලංගුතාව: එක්සත් ජනපදයට සංචාරය කරන ආගන්තුකයන් දේශානුගතව විශේෂිත ගිවිසුම් මගින් නිදහස් කිරීම් සපයන්නේ නම් මිස ඔවුන් එක්සත් ජනපදයේ රැඳී සිටින කාලයට ඔබ්බෙන් වූ හය මසක කාලයක් සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍ර සන්තකයේ දැරීම අවශ්‍ය වේ. ඔබ වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන යටතේ වීසා රහිතව සංචාරය කරන්නේ නම්, ඔබගේ විදේශ ගමන් බලපත්‍රය යටත් පිරිසෙයින් දින 90 ක් වත් වලංගු වීම අවශ්‍ය වේ. ඔබගේ විදේශ ගමන් බලපත්‍රය දින 90 ක් සඳහා වලංගු නොවේ නම්, විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත් වන දිනය දක්වා ඔබව එක්සත් ජනපදය තුළට පිළිගනු ලබනවා ඇත.

ඔබ වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන යටතේ වන රටකින් එන සංචාරකයෙකු නම්, සහ ඔබගේ විදේශ ගමන් බලපත්‍රය මේ ආවශ්‍යකතාවන් සපුරාලනු නොලබයි නම්, ඔබට ඔබ පුරවැසිභාවය දරන රටේ විදේශ ගමන් බලපත්‍ර නිකුතු අධිකාරිය වෙතින් වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන හා අනුකූල වන අළුත් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා සලකා බැලීමට අවශ්‍ය වනවා ඇත. අන් ආකාරයකින් ඔබට මෙ වැඩ සටහන යටතේ සංචාරය කිරීමට නොහැකි අතර එක්සත් ජනපදයට ඇතුල් වීමට නම් වලංගු වීසා බලපත්‍රයක් ලබා ගැනීම කළ යුතුය.

අයෝග්‍යතාව

සමහර සංචාරකයන් වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන යටතේ වීසා බලපත්‍රයක් රහිතව එක්සත් ජනපදයට ඇතුල් වීමට සුදුසුකම් නොලබනවා විය හැකිය. මෙයට අත් අඩංගුවට ගන්නා ලද ජනතාව, අත් අඩංගුව සාපරාධී නිගමනයකින් අවසන් නොවූයේ වුවද, සාපරාධී වාර්තා සහිත අයවළුන් (සමාවක්, පොදු සමාවක්, හෝ වෙනත් සානුකම්පිත ක්‍රියාවක් මගින් විෂයය වන විට පවා), නිශ්චිත බරපතල සන්නිවේදන ශක්‍යතා ව්‍යාධි, එක්සත් ජනපදයට ඇතුලත් කර ගැනීම ප්‍රතික්ෂෙපයට ලක් වූ, හෝ එයින් පිටමං කිරීමකට ලක් වූ, වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන මත කළින් වැඩි කාලයක් රැඳී සිටි අවවළුන් ඇතුලත් වේ. එවැනි සංචාරකයන් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම කළ යුතුය. ඔවුන් වීසා බලපත්‍රයක් රහිතව සංචාරය කිරීමට උත්සාහ කළ හොත්, ඔවුන් එක්සත් ජනපදයට ඇතුල් වීමෙන් ප්‍රතික්ෂේපයට ලක් වීමට ඉඩ ඇත.

වීසා බලපත්‍ර අත්හැරීමේ වැඩසටහන වැඩිදියුණු කිරීමේ සහ ත්‍රස්තවාදී සංචාර වැළැක්වීමේ පනත යටතේ, ඉරානය, ඉරාකය, උතුරු කොරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව හෝ යේමනය යන රටවල සංචාරය කර ඇති හෝ පැමිණ සිටින අය 2011 මාර්තු 1 වන දින හෝ ඊට පසුව (සීමිත VWP රටක සේවයේ රාජ්‍ය තාන්ත්‍රික හෝ මිලිටරි අරමුණු සඳහා සංචාරය කිරීම සඳහා ව්‍යතිරේක) හෝ ඉරානය, ඉරාකය, උතුරු කොරියාව, සුඩානය සහ / හෝ සිරියාවේ ජාතිකයන් වන සංචාරකයින්ට තවදුරටත් VWP හි ගමන් කිරීමට සුදුසුකම් නොමැත. වීසා බලපත්‍ර අත්හැරීමේ වැඩසටහන වැඩිදියුණු කිරීම සහ ත්‍රස්තවාදී සංචාර වැළැක්වීමේ පනත යටතේ සිදුවන වෙනස්කම් සඳහා කරුණාකර https://cbp.gov/travel/international-visitors/visa-waiver-program  වෙබ් අඩවියට පිවිසෙන්න.

අන් ආකාරයකින් තහංචියට ලක්වන්නේ නම් මිස, අත් අඩංගුවට ගැනීමකින් සහ/හෝ වරද නිගමනයකින් අවසන් නොවූ කුඩා මාර්ග නීති වරදවලට අසු වූවන්ට වීසා බලපත්‍ර රහිතව සංචාරය කරනු හැකිය. මාර්ග වරද ඇති වූයේ ඔබ එක්සත් ජනපදය තුළ සිටියදී නම්, සහ ඔබට එරෙහිව ගෙවිය යුතුව පවතින දඩයක් ඇත්නම් හෝ ඔබ නඩු විභාගය සඳහා ඉදිරිපත් නොවූයේ නම්, ඔබ අත් අඩංගුවට පත්වීමේ වරෙන්තුවකට බඳුන්වීමේ හැකියාවක් පවතින අතර ඔබ එක්සත් ජනපදයට ඇතුල්වීම සඳහා අයදුම් කිරීමේදී ගැටළු අත්දකිනු ඇත. එමනිසා, ඔබ සංචාරයට පෙරාතුව පෙනී සිටිය යුතුව පවතින අධිකරණය හා සම්බන්ධ වෙමින් ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම කළ යුත්තෙහිය. ඔබ අධිකරණයේ ලිපිනය නොදන්නෙහි නම්, ඉක්බිති තොරතුරු අන්තර්ජාලයේ : https://refdesk.com/ හි දී ලද හැකිය.

දින 90 කට වඩා දිගු කාලයක් සඳහා එක්සත් ජනපදයේ අධ්‍යයනය ලැබීමට, රැකියා කිරීමට, හෝ රැඳී සිටීමට සැලසුම් කරන අයවළුන් හෝ එක්සත් ජනපදයට පැමිණි වහාම තමන්තේ තත්ත්වය වෙනස් කිරීමට (සංචාරක තත්ත්වයේ සිට ශිෂ්‍ය දක්වා ආදී වශයෙන්) අපේක්ෂා කරන දැකීම් සහිත අයවළුන් වීසා බලපත්‍ර නිදහස් සංචාරයට ඇතුලත් නොවේ. එවැනි සංචාරකයන්ට වීසා බලපත්‍ර අවශ්‍ය වේ. වීසා බලපත්‍ර නිදහස් සංචාරකයෙකු දින 90 කට වැඩි කාලයක් සඳහා අධ්‍යයනය කිරීමට, රැකියාවල නියුක්ත වීමට හෝ රැඳී සිටීමට යන බවට සංක්‍රමණ නිලධාරියෙකු විශ්වාස කරන්නේ නම්, නිලධාරියා විසින් සංචාරකයා ඇතුලත් කර ගැනීම ප්‍රතික්ෂේප කරනු ඇත.

කැනඩාව සහ මෙක්සිකෝව වෙතින් එන අයදුම්කරුවන්

කැනඩාව, මෙක්සිකෝව සහ බර්මියුඩා වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහනේ සහභාගිකයෝ නොවෙති. නිශ්චිත අවස්ථාවන් යටතේ කැනඩා සහ බර්මියුඩා ජාතිකයන් වෙනුවෙන් වීසා බලපත්‍ර වලින් නිදහස්ව සංචාරය කිරීමට අදාළ වෙනත් ප්‍රතිපාදන සංක්‍රමණ හා ජාතිකත්ව පනතේ ඇතුලත් වේ. කැනඩා සහ බර්මියුඩා පුරවැසියන් බලන්න. ඔවුන් වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහනේ සහභාගිකයන් නොවන බැවින්, යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි හෝ ජෛවමිතික විදේශ ගමන් බලපත්‍ර සඳහා වන වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහනේ අවශ්‍යතාවන් කැනඩා, මෙක්සිකෝ හෝ බර්මියුඩා ජාතිකයන්ට අදාළ නොවේ. එමෙන්ම, එක්සත් ජනපදයට සංචාරය කරන සමහර සංචාරකයන්ට සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර අවශ්‍ය කරන බව සටහන් කර ගත යුතුය.

ESTA ප්‍රතික්ෂේපය

සංචාර අවසර ප්‍රදාන විද්‍යුත් පද්ධති අයදුමක් ප්‍රතික්ෂේප කරන ලද සංචාරකයන්ට වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන යටතේ සංචාරය කළ නොහැකිය. කරුණාකර පිටත්වීමට පෙරාතුව වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්න.

සංචාර අවසර ප්‍රදාන විද්‍යුත් පද්ධති ක්‍රියාවලිය මත කවර හෝ විමසුමක් දේශීය ආරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුය.